Oct 20, 2013

ප්‍රභාෂ්වර‍ගේ පෙර ගමනට වාසනාව හරස් වෙයි

සකස්තානයේ අල්මැටී හී ක්‍රියාත්මක ලෝක කුසලාන බොක්සිං තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සියළුම ක්‍රීඩකයන්ට පරාජය අත් කර දෙමින් ඊයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසාන ක්‍රීඩකයා වූ මලිත් ප්‍රභාෂ්වරට ද කරට කර සටනකින් පසුව ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්නට සිදු වුණා.තරගය විනිශ්චය කළ විනිසුරුවන් පද් දෙනාගෙන් තෝරා ගත් තිදෙනෙකුගේ ලකුණු සසදා බලද්දී රුසියානු සහ වියට්නාම විනිසුරුවන්ට අනුව එක ලකුණකින් වේල්සයේ ඈස්ලි විලියම්ස් ඉදිරියෙන්සිටි අතර ෆින්ලන්ත විනිසුරුගේ තීරණයට අනුව එක ලකුණකින් ඉදිරියෙන් සිටියේ මලිත් ප්‍රභාෂ්වරයි.ඒ අනුව අවසාන තීරණයේදී 2 - 1 ලෙස මලිත් පරාජය හිමි කර ගත්තත් ඔහු මෙම තරගාවලිය පුරාම සිටි ශ්‍රී ලංකාව නියෝනය කළ ක්‍රීඩකයන් අතරින් ඉහළම තරගකාරීත්වය ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා බවට පත් විය.එමෙන්ම එක් විනිසුරු තීරණයකින් හෝ ජයග්‍රහණය ලබා ගත් එකම ලාංකේය ක්‍රීඩකයාද මලිත් බවට පත් වන්නේ එය කෙතරම් දුෂ්කර කාර්යයක්ද යන්නද පැහැදිළි කරමින්ය.
තරගාවලියට පෙර සිටම මලිත් සහ ඔහුගේ පුහුණුකරු වසන්ත කුමාර ද කසකස්තානයේ පැවත්වෙන පුහුණුකරුවන්ට සහ ක්‍රීඩකයන්ට වෙන් කර තිබූ උසස් බොක්සිං පාඨමාලාවන් හැදෑරු අතර එහි ප්‍රතිපල ද මෙහිදී දක්නට ලැබිණ.මලිත් මෙන්ම වසන්තත් මහනුවර මාස් ලීනියා හී සේවයේ නිරත වන්නෝය.
www.supirikrida.com

No comments: