Oct 20, 2013

තුසිතට කඩුලු ත්‍රිත්වයක්

ඉන්දියාවේ ක්‍රියාත්මක සිව්වන නිතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙතෙක් පැවති තරග වලදී තුසිත පල්ලෙවත්ත ඕස්ට්‍රේලියානු බී කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් කැපී පෙණුනා.ලකුණු 11 ට කඩුලු 4 ක් ලබා ගත් තුසිතගේ එම පන්දු යැවීමට අනගි සහයක් ලබා දුන් යොහාන් ජිනසේන (15 ට 2) සහ සම්පත් පෙරේරාගේ (14 ට 1) දායකත්වයත් නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 66 ට දැවී ගියා.නීතිඥ ලෝක කුසලාන තරගාවලියේ කඩුලු ත්‍රිත්වයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට විෂේශ තැනක් හිමි වන අතර මෙම තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නේ ද ශ්‍රී ලංකාවේ රන්ජන් රණතුංග යි.
තුසිත ගේ දස්කම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු නවයක ජයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකාව ඊට පෙර පැවති ඉන්දියාවට එරෙහි තරගය පරාජයට පත් වූයේ ලකුණු 45 කින්.පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම එහිදී ලකුණු 205 ක් ලබා ගත් අතර ඉන්දීය නීතිඥයන් වෙනුවෙන් මන්වින්දර් සිං ගාන්ධි (67) සහ වජහ්ලත් රිස්වි (57) අර්ධ ශතක ලබා ගන්නට සමත් වු අතර  දැවී ගිය ඉන්දීය කඩුලු පහෙන් දෙකක් තුසිත හිමි කර  ගත්තේ ලකුණු 45 ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් වන අතර ඉතිරි කඩලු  තුන එක් කඩුල්ල බැගින් අසේල පටබැදි,ප්‍රදීප් හීන්කෙන්ද සහ යොහාන් ජිනසේන අතරේ බෙදී ගියා.පිළිතුරු ඉණිමේදී ශ්‍රී ලංකා ලකුණු පූවරුව නියමිත පන්දුවාර 35 නිමාවේදී කඩුලු නවයකට ලකුණු 160 ට සීමා වු අතර හුදෙකලා සටනක නිරත වූ ගිහාන් කුලරත්න නොදැවී ලකුණු 43 ක් ලබා ගත්තා.
පකිස්තානයට එරෙහිව පැවති තරගයේදි ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වූ අතර පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එර්සාන් අරියරත්නම් (44), අසේල පටබැදි (37) වැනි පිතිකරුවන්ගේ දායකත්වයෙන් ශ්‍රී ලංකාව පන්දු ඕවර් 35 නිමා වන විට ලකුණු 171 ක් ලබා ගත්තා.ඒ අතර වාරයේදී කඩුලු හතක් අහිමි කර ගත්තා.පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තාන පිතිකරුවන් දැඩි ප්‍රහාරයක්දියත් කළ අතර එහි ප්‍රතිපලය වූයේ පන්දු වාර 24.5 දී එක් කඩුල්ලක් පමණක් දැවි තිබියදී පකිස්තානු ලකුණු පූවරුව 172 ක් වීමයි.එහිදී පකිස්තානය ෂියා ඛාන් ලකුණු 72 ක් සහ කාසිෆ් සොහේල් ලකුණු 52 ක් ලබා ගත් අතර දැවි ගිය එකම කඩුල්ල ලබා ගැනීමේ ගෞරවය තුසිත පල්ලෙවත්තට හිමි වුණා.
ශ්‍රී ලංකාව කඩුලු 5 කින් ජය ගත් කොදෙව්වන්ට එරෙහි තරගයේදී ද පන්දු යවන්නන්ගෙන් බලාපොරොත්තු සහය ලැබුණු බවක් පෙනෙන්නට නොතිබි අතර කොදෙව් ක්‍රීඩකයන් පන්දු ඕවර් 35 තුළ ලකුණු 179 ක් ලබා ගත්තා.මනීෂ් වෑවිට ලකුණු 50 ට කඩුලු 2 ක් ලබා ගත් අතර තුසිත පල්ලෙවත්ත ලකුණු 16 ට කඩුල්ලක් ලබා ගත්තා.දැව්නත අභියෝගයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් රොසාන් ඩි රෆායෙල් නොදැවී ලකුණු 52 ක් සහ යොහාන් ජිනසේන ලකුණු 50 ක් ලබමින් පෑ දස්කම් හේතුවෙන් 28 වන පන්දු ඕවරයේ සිව්වන පන්දුව වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව ලකුණු 182 ක් බවට පත් වුණා.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් අහිමිව තිබූ බැවින් තරගයේ තීරණය අනුව කොදෙව්වන්ට කඩුලු පහක පරාජයක් අත්වුණා
මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නීතිඥ කණ්ඩායම දේශීය පිටියේදී ද දක්ෂතා දක්වා තිබූ බැවින් මෙවර තරගාවලිය පිළිබදව වෙනදාට වඩා ජයග්‍රාහි විශ්වාසයක් පළ වූ අතර ‍නමුත් මේ වන විට සුපුරුදු දස්කම් දැක්වීමේදි මද පසුබෑමක් පෙන්වන අතර විෂේශයෙන් පන්දු යැවීමේ අංශය ඉදිරියේදි සුපුරුදු දක්ෂතා අතරට පැමිණිම සහ සෙසු කණ්ඩායම් වල හැසිරීම්ද සමග ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති ඕසට්‍රේලියා ඒ සහ එංගලන්ත කණ්ඩායම් අතර තරග වලදී ශ්‍රී ලංකවේ හැසිරීම ද ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව තීරණය කරනවා ඇත.
www.supirikrida.com

No comments: