Oct 21, 2013

යුධ හමුදා ආක්‍රමණයක් - මැද පෙළ තේරීම යළිත් අභියෝගයට

නේෂන් කුසලානය සදහා පැවති ජාතික ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලියේදී දැල් පන්දු තේරීම් කමිටුව විසින් තෝරා ගන්නා ලද මැද පෙළ ක්‍රීඩිකාවන්ට තෝරා නොගන්නා ලද ජයලිය කුමාරි යළිත් හොදම මැද පෙළ ක්‍රීඩිකාව වීමට ඊයේ මාතරදී නිමාව දුටු ජාතික ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලියේදී සමත් වූවාය.මීට පෙරද ජාතික දැල් පන්දු පරිපාලනයේ මූලිකත්වයෙන් පැවති තරග වලදී මෙම සූරතාවයට හිමිකම් කී ජයලිය මෙන්ම තවත් කැපී පෙණුනම මැද පෙළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු පිළිබදවද මාධ්‍යය විසින් කරුණු ඉදිරිපත් කළ අතර එහිදී තේරීම් කමිටුව මැද පෙළ ක්‍රීඩිකාවන් ලෙස තෝරා ගත් ක්‍රීඩිකාවන් වෙනුවට වෙනත් දක්ෂ ක්‍රීඩිකාවක් මැද පෙළ වෙනුවෙන් නිර්මාණය කිරීම සදහා දැල්පන්දු පරිපාලනයේ අවධානය යොමු වි ඇති බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.තේරීම් කමිටුවේ වරදට අවසානයේ වගකිව යුත්තන් බවට පත්වන පරිපාලනය නව පුහුණුකාරියද සමග එක්ව ඉදිරියේදී මෙම කටයුත්ත සිදු කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
තරගාවලියේ විෂේශිතම සිදුවීම වූයේ හිටපු ජාතික සූරියන්ට මෙන්ම හිටපු ජාතික අනු සීරියන්ටද ප්‍රහාරයක් එල්ල කළ යුධ හමුදා කණ්ඩායම 2013 වසරේ ජාතික දැල් පන්දු සූරියන් වීමය.1992 දී අවසාන වරට ජාතික දැල් පන්දු සූරියන් වීමෙන් අනතුරුව පළමු වරට ජාතික සූරතාවයකට හිමිකම් කී යුධ හමුදාව වෙනුවෙන් කැපි පෙණුන දක්ෂතා දැක් වූ කාංචනා ජයවීර තරගාවලියේ දක්ෂකම ක්‍රීඩිකාව මෙන්ම හොදම දැල විදින්නිය වීම ද කැපී පෙණුනාය.ආරක්ෂක පෙළ නියෝජනයේද යුධ හමුදාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නවාංජලී රාජපක්ෂ හොදම රකින්නිය වුවාය.තරගාවලිය මාතරට පැමිණිම ඉහළින් පිළිගත් මාතර ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ විශිෂ්ඨ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ මාතර ක්‍රීඩිකාවන් අතරින් කැපි පෙණුන ගයත්‍රි වික්‍රමගේ දක්ෂතම නැගී එන ක්‍රීඩිකාව වීමට සමත් විය.
තරගාවලියේ පාසල් ක්‍රීඩිකාවන්ගේ ශක්තිය කදිමට පැහැදිළි කළ කුරුණෑගල ක්‍රීඩිකාවෝ අවසාන කණ්ඩායම් අට අතරට ප්‍රවිශ්ඨ වෙමින් දස්කම් දැක් වු අතර එය ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාවේ අනාගතය ගැන සුභ නිමිත්තකි.එසේම දැල් පන්දු සභාපතිණිය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ආසියාවටම දැල් පන්දු සභාපතිණිය වෙමින් ආසියාවේ සහ ලංකාවේ දැල් පන්දු අනාගතය ලෝකයට අභියෝගයක් කිරීම සදහා සැකසීම පිණිස සිහින දකින මොහොතක දැල් පන්දු තේරීම් කමිටුව නැවත අභියෝගයට ලක් වන්නේ කුරුණෑගල ක්‍රීඩිකාවන් කිසිවක් දැල් පන්දු සංචිතයේ නොවන බැවින්ය.
එසේම දැල් පන්දු ක්‍රීඩාවේ බොහෝ අය පසුගිය කාලයේ තිලකා ජිනදාසගේ පුහුණුකාරීත්වය තර්ජනී සිවලිංගම්ගේ උස මත යැපීමක් බව දක්වන්නට උත්සාහ කරමින් සෙලාන් බැංකුව සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඇයගේ පුහුණුකාරීත්වය මත ලැබූ ජයග්‍රහණයන් පිළිබදව සැහැල්ලු චිත්‍රයක් කිර්මාණයට උත්සාහ කළ අතර නමුත් උස යනු එක් සාධකයක් පමණක් බවත් එයට අභියෝග කළ හැකි බවත් පෙන්වා දුන් යුධ හමුදා පුහුණුකාරිය පීඩීඑන් ප්‍රසාදි යුධ හමුදාවට සෙලාන් බැංකුව අභිබවා යන්නට මග පෙන් වූවාය.නේෂන් කුසලානය වෙනුවෙන් කැද වූ පුහුණුකාරිය සොමිතා ද අල්විස් ට ද එම අභියෝගයට මුහුණ දෙන්නට නොහැකි වුවාය. ප්‍රසාදි ගේ මග පෙන්වීම මත මැද පෙළින් නැගුණු මරීෂා ප්‍රනාන්දු ද,පසු පෙළින් පැමිණි නවාංජලී ගේ ආක්‍රමණයද සහ කාංනා ජයවීරගේ නිවැරදි ඉලක්කයද මූලික කර ගෙන කණ්ඩායම් හැගීමෙන් යුත් ක්‍රීඩක අන්තර් සම්බන්ධය සමග රොද බැදුණු යුධ හමුදාවේ ක්‍රියාකාරිත්වය ඉදිරියේ මෙවරද හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට අනු සූරතාවයෙන් සෑහෙන්නට වූ අතර අවසාන තරගයේ ලකුණු සටහන 51 - 47 ක් ලෙස දිස් විය.
තෙවන ස්ථානය සදහා පැවති තරගයේදී වරාය අධිකාරී පිල පරාජයට පත් කළ සෙලාන් බැංකුව මෙවර තමන්ට අහිමි වූ ජාතික සූරතාවය වෙනුවට තෙවන ස්ථානය දිනා ගත්තේ ලකුණු 47 - 30 ක් ලෙස ලකුණු 17 ක පරතරයක් තබා ගනිමින්ය.නමුත් වරාය අධිකාරි කණ්ඩායම අවසාන පූර්ව තරගයේදී අනු සූර හැටන් නැෂනල් බංකු කණ්ඩායමට තියුණු තරගයක් ලබා දුන් අතර එහි අවසාන තරග ප්‍රතිපලය වූයේ ලකුණු 21 - 19 කි.එසේම එවැනි අභියෝගයක් කළ වරාය අධිකාරිය පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සිය ජයග්‍රහණය බේරා ගත්තේ අසීරුවෙන්ය.එහිදී ලකුණු තත්ත්වය වුයේ ලකුණු 29 - 27 ක් විය.
මාතර සිට සුපිරි ක්‍රීඩා නිරීක්ෂණ කණ්ඩායම
www.supirikrida.com



No comments: