Sep 14, 2013

දැල්පන්දු විනිසුරු ලීඛිත පරීක්ෂණ 28 දා


 ශ‍්‍රී ලංකා නෙටිබෝල් සමිමෙිලනය මගින් සංවිධානය කරනු ලබන නෙටිබෝල් විනිසුරු ශ්‍රේණිගත කිරිමේ ලිඛිත පරීක්ෂණය සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා දීන පෙ.ව. 9:00 ට දීවයින පුරා මධ්‍යස්ථාන 09කදී ආරම්භ වේ. සිංහල,දෙමළ හා ඉංග‍්‍රිසි මාධ්‍ය වලින් පැවත්වෙන ඒ,බී,සී ලිඛිත පරීක්ෂණය සඳහා අයදුම්කරුවන් 650 කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් ඉදීරිපත් කර ඇත.
 ප‍්‍රවීන විනිශ්චකාර මහත්මීන් ගේ සුපරීක්ෂණය යටතේ පහත සඳහන් මධ්‍යස්ථාන වලදී පරීක්ෂණය පැවැත්වීමට ශ‍්‍රී ලංකා නෙට්බෝල් සමිමේලනය කටයුතු සංවිධානය කර ඇත.

1. කොළඹ 09 - අනුරුද්ධ බාලිකා විද්‍යාලය

2. යාපනය - වෙම්බඩි බාලිකා විද්‍යාලය

3. මහනුවර - සීතා දේවි  බාලිකා විද්‍යාලය

4. බදුල්ල - විහාර මහා දේවි බාලිකා විද්‍යාලය

5. පොලොන්නරුව- තෝපාවැව මහා විද්‍යාලය

6. මාතර - ශාන්ත මේරි කන්‍යාරාමය

7. කුරුණැගල - මලියදේව  බාලිකා විද්‍යාලය

8. රත්නපුර - සබරගමුව විශ්ව විද්‍යාලය

9. බණ්ඩාරවෙළ - ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය

මෙහිදී ඒ හා බී විනිසුරු ලිඛිත පරීක්ෂණ  කොළඹ මධ්‍යස්ථානයේදී පමණක් පැවත්වීමට ද සම්මේලනය තීරණය කර ඇත.

තායිපේ ඉදිරියේ අභියෝගයකින් තොරව පසු බසියි

තායිලන්තයේ නාකෝන් හී ඇරඹි 2013 ආසියානු කාන්තා වොලිබෝල් සූරතාවලියේදී  ශ්‍රී ලංකාවට සහභාගි වූ පළමු තරගයෙන් චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ අභියෝගයක් ලබා නොදීම පරාජය විද ගැනීමට සිදු විය.ප්‍රථම වට දෙකම ලකුණු 25 - 6 සහ 25 - 6 ලෙස පරාජය ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසාන වටයේදී ලකුණු 13 ක් ලබා ගැනීමට සමත් විය.ආසියාවේ පස්වන ස්ථානයේ පසුවන චීන තායිපේ කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකාව එසේ පරාජය වෙද්දී ශ්‍රී ලංකාව සහභාගි වන කාණ්ඩයේ ප්‍රබලතම කණ්ඩායම වන ආසියාවේ තෙවන තැන සිටින දකුණු කොරියාව මියන්මාරය පරාජය කළේ ලකුණු 25 - 7,25 - 11 සහ 25 - 12 ක් ලෙස ය.
ශ්‍රී ලංකාව තරග වදින්නේ ඩී කාණ්ඩයෙන් වන අතර සී කාණ්ඩයේ තරග වලදී ජපානය වියට්නාමය වට 3 - 0 කින් පරාජය කළ අතර,ඉන්දුනීසියාව හොංකොං පරාජයට පත් කළේ ද වට 3 - 0 ක් ලෙස ය.බී කාණ්ඩයේ තරග වලදී ඉන්දියාව වට 3 - 0 කින් පිලපීනය පරාජය කළ අතර චීනය ඉරානය පරාජය කළේ ද වට 3- 0 ක් ලෙස ය.ඒ කාණ්ඩයේ තරග වල දී වට 3 - 0 ක් ලෙස ඕස්ට්‍රේලියාව විසින් මොංගෝලියාව පරාජයට පත් කළ අතර ඊයේ දක්නට ලැබුණු තියුණුම තරගයෙන් කසකස්තානය ජය අත් කර ගත්තේ සත්කාරක  තායිලන්තය වට 3 - 1 ලෙස පරාජයට පත් කරමින්ය.එහිදී ලකුණු තත්ත්වය 26 - 24,26 -24,17 -25 සහ 25 - 20 ක් ලෙස දිස් විය.
www.supirikrida.com

දැල් පන්දුව තාවකාලික ජාතික පුහුණුකාරිණියක් සහ ජාතික සංචිතය සොයයි

ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය දෙසැම්බර් මස සිංගප්පූරුවේ පැවත්වෙන නේෂන් කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි කරන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීම සදහා තාවකාලික ජාතික පුහුණුකාරිණියක් පත් කර ගැනීම සදහා සුදුසුකම් ඇති පුහුණුකාරිණියන්ගෙන් අයදුම්පත් කැදවීමට තීරණය කර ඇත.එසේම ජාතික සංචිතය සදහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සදහාද ක්‍රීඩිකාවන් යොමු කරවීම සදහා ක්‍රීඩා සමාජ සහ දිස්ත්‍රික් සංගම් දැනුවත් කිරීම සදහාද ප්‍රචාරන ක්‍රියාවලියක් දියත් කිරීමට දැල්පන්දු සංගමය තීරණය කර ඇත.
දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් සහිතව ආසියානු කුසලානය ඉලක්ක කර ගනිමින් ජාතික පුහුණුකාරිණියක් පත් කිරීම පසෙක තිබියදී නේෂන් කුසලාන තරගාවලිය සදහා තාවකාලික පුහුණුකාරිණියක ගෙන ඒම පල රහිත වුව ද,දැල්පන්දු සම්මේලනය මෙම මස 25 දාට පෙර සුදුසුකම් ඇති දැල්පන්දු පුහුණුකාරිණියනට ලේකම්,287/1,ස්ටැන්ලි තිලකරත්න මාවත,නුගේගොඩ යන ලිපිනයට ඉල්ලුම්පත් යොමු කරන ලෙස ඉල්ලා සිටියි.ජාත්‍යන්තර අත්දැකීම්,වර්ථමාන පුහුණු කටයුතු,පළපුරුද්ද මෙන්ම වෘත්තිය සුදුසුකම් සහ හැදෑරීම් පිලිබදව විස්තර ද සහිතව පුහුණුකාරිණියනට සිය ඉල්ලුම්පත් ඉහත ලිපිනයට යොමු කිරීමේ අවස්ථාව ඇත.මේ පිළිබදව අදහස් දැක් වූ කේෂ්ත්‍රයට සම්බන්ධ ඇතැම් අය පෙන්වා දුන්නේ දැනට පරිපාලනයට සම්බන්ධ එහි බලධාරීත්වයට බොහෝ සමීපකම් ඇති අයෙකු මේ වන විටත් එම තනතුරට ගෙන ඒම අපේක්ෂාව වී ඇති බවය.එය අපක්ෂපාතීව සිදුවන බව පෙන්වීමට මෙසේ ඉල්ලුම්පත් කැදවා ඇති බව පෙන්වා දෙන ඔව්හූ,පත්වීමට නියමිත පුහුණුකාරිණිය ඇතැම් අයට මේ වන විටත් සිය පුහුණුකාරිණිය ලෙස සංචාරයට එක් වීමට ආරාධනා කර ඇති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර ක්‍රීඩිකාවන් ජාතික සංචිතයට තේරීම සදහා වන පරීක්ෂණය සැප්තැම්බර් 26 වන දා පෙරවරු 8.00 ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවත්වෙන අතර ඒ සදහා සහභාගි වන පිරිස එදින පෙරවරු 7.30 ට පෙර ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතුව ඇත.ක්‍රීඩිකාවන් යොමු කිරීමේදී අවුරුදු 18 ට වැඩි සහ අවුරුදු 30 ට අඩු ක්‍රීඩිකාවන් යොමු කරන ලෙසද,උස අඩි 5.6 ක් වන හෝ ඊට වැඩි ක්‍රීඩිකාවන් යොමු කිරීමට පියවර ගන්නා ලෙසත් දැල්පන්දු සම්මේලනය දිස්ත්‍රික් සංගම් සහ ක්‍රීඩා සංගම් දැනුවත් කර ඇත.අදාළ පුහුණු පරීක්ෂනයේදී ක්‍රීඩිකාවන්ට ලබා දෙන අංක ඉදිරි සහ පසුපස රදවා තබා ගන්නා ලෙස ක්‍රීඩිකාවන් දැනුවත් කරන ලෙසත් එම නිවේදනයෙන් දැණුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩි තොරතොරු ලබා ගැනීමට දැල්පන්දු සම්මේලන ලේකම් ශ්‍යාමා කුරේ දුරකතන අංක 0714186521 න් හෝ උප ලේකම් සුධර්මා ජයවර්ධන අංක 0773258307 න් සම්බන්ධ කිරීමේ හැකියාව ඇත.
www.supirikrida.com

Sep 13, 2013

මැඩම් ශෝක් ළමයි පව්

ස්නාහිර පළාත් විශේෂ අධයාපන අවශ්‍යයතා ඇති දරුවන්ගේ ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂයි.ඇය ජනාධිපතිවරයාගේ පක්ෂ දේශපාලන ව්‍යාපෘතියෙන් පිට වෙනම දේශපාලන අනන්‍යතාවයක් ඇති නායිකාවක්.ඒ ළදරු අධ්‍යාපනය පෝෂණය කිරීම වෙනුවෙන් ව්‍යාප්ත කර තිබෙන කාල්ටන් පෙර පාසල් පද්ධතිය නිසයි.ඒ නිසාම ප්‍රාථමික අධයාපන කාර්යයන් හී දී ජනාධිපති ආර්යාවගේ ආශිර්වාදය දිනා ගැනීමට රාජ්‍ය අධ්‍යාපන බලධාරීන් තුළ ඇත්තේ විශාල පිපාසාවක්.මේ නිසාම ඇය බස්නාහිර පළාත් විෂේශ අවශ්‍යයතා ඇති දරුවන්ගේ ක්‍රීඩා උළෙලේ සමාප්ත සමාචාරයට සහභාගි වීම ඒ ක්‍රීඩාංගණයට රැස් ව සිටි නිශාල පිරිසකගේ අමන්දානන්දයට හේතු වූවා.
නමුත් ජනාධිපති ආර්යාවට පෙර පැමිණෙන ආරක්ෂක අංශ ඒ සියල්ල සිදු වන්නේ ඇය තුළ දරුවන් කෙරෙහි ඇති දයාව,කරුණාව හෝ ආදරය නිසා බව තේරුම් නොගෙන ඇති බව ප්‍රායෝගිකවම අත් දකින්නට මටම හැකි වුණා.ඇවිදීමට අපහසු දරුවෙකු සිය තරගයට සහභාගි වීම පිණිස ගුරුවරියන් දෙදෙනෙකුගේ අත එල්ලී විශාල දුරක් තරග ආරම්භය සදහා වාර්තා කළ යුතු ස්ථානයට යාමට පැමිණෙමින් සිටියා.එම දරුවා දරා ගැනීම එම ගුරුවරියන් දෙදෙනා ඉතා අපහසුවෙන් කරන බව හැගුණ නිසා,මමත් තවත් විෂේශ අධ්‍යාපන ගුරුවරයෙකුත් එම දරුවා වාරු කරගෙන පැමිණ ප්‍රධාන පීඪිකාව වෙත දරුවාව යොමු කිරීමට උත්සාහ කළ ද,ආර්යාවගේ ආරක්ෂක අංශ විසින් එය වළක්වාලනු ලැබුවා.
වාරුවක් නොමැතිව සිට ගෙන සිටීමට හෝ නොහැකි එම දරුවා ට මීටර් 10 ක් දුරින් පෙනෙන වාර්තා කළ යුතු ස්ථානයට මීටර් 50 ක ට නොවැඩි දුරක් ඇවිද ගොස් අදාළ ස්ථානයට ප්‍රවේශ වන ලෙස කරන ලද ඉල්ලීම වෙනස් කරන ලෙස ආරක්ෂක නිලධාරියාගෙන් කාරුණිකව ඉල්ලා සිටියද ඔහු එය තඹයකට මායිම් නොකර කවුරුන් වුව පැමිණිය යුත්තේ එම වටය ගසා ආරක්ෂක අංශවල පරික්ෂාවට ලක් වීමෙන් පසුව බව පවසා සිටියා.
මෙය දරුවන්ට ආදරය කරන ආර්යාවගේ තීරණයක් නොවන බව පැහැදිළි නමුත් පැමිණෙන්නේ කුමනාකාරයේ උත්සවයකට ද,යන්න පිලිබදව අවබෝධයක් නැතිව කටයුතු කරන ආරක්ෂක අංශවල සම්ප්‍රදායක ආරක්ෂක මෙහෙයුම් නිසා ආර්යාවගේ ආදරය හා කරුණාව අභියෝගයට ලක්වන අතර ඇය පිළිපද ඇති පැසසුම් සපිරි සිත් පළුදු වීම ඇය ඉක්මවා ජනාධිපතිවරයාට ද බලපාන පරිදි පුළුල් වෙනවා.ඒ වගේම නිලධාරීන් ද එතුමිය පැමිණිමට විශාල වෙලාවක් තිබියදී සරඹ සංදර්ශනය ආදියට සහභාගි වූ දරුවන් ක්‍රීඩා පිටියට රැගෙන සිටුවා තැබුවේ ඇයගේ සිත් දිනා ගැනීමට වුවත්,එයින් බොහෝ අයගේ සිත් රිදුණා.
දරුවන්ගේ අධ්‍යාපනය පිළිබදව සොයා බලන ශිරන්ති රාජපක්ෂ වැනි චරිතයක් විෂේශ දරුවන්ගේ සුළු අතපසුවීමකට ප්‍රමාදයකට නොකිපෙන බව තේරුම් ගන්නට නිලධාරීන්ට නොතිබි හැකියාව නිසා එහිදී ද ප්‍රක්ෂේපනය වූයේ ඇයගේ පැමිණීම නිසා දරුවන් වේදනා විදි බවයි.මේ නිසා ශිරන්ති රාජපක්ෂ ආර්යාව මෙවැනි උත්සවයකට පැමිණෙන විට සිය ආරක්ෂක අංශ මෙන්ම ඒ උත්සවයේ සංවිධානය කරන නිලධාරීන්ට ද තමන්ගේ කීර්ති නාමයට හානි නොවන අයරෙන් කටයුතු නොකරන්නේ කෙසේද යන්න වෙනම අවබෝධ කර දිය යුතුව තිබෙනවා.
විෂේශයෙන්ම කඩුව අතට ගන්නේ වදුරෙක්නම් රජු‍ගේ ඉරණම කුමක් විය හැකිද යන්න පිළිබදව අපට ඉතිහාසය විසින් උගන්වා තිබෙන පාඩම මෙහිදී ජනාධිපති ආර්යාව යළි යළිත් මෙනෙහි කළ යුතුව තිබෙනවා.
www.supirikrida.com

පළමු ආසියාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් 32 ක්


ළමු වරට පැවත්වෙන ආසියානු පාසල් ජවන හා පිටිය සූරතාවලිය  මැලේසියාවේ කුන්තාන් හී දී පැවත්වීමට නියමිතයි.මැලේසියාවේ විශාලත්වයෙන් තෙවන පළාත ලෙස සැළකෙන පාහ්න්ග් හී අග නගරය ලෙස සැළකෙන කුන්තාන් හී  දරුල් මක්මූර් ක්‍රීඩාංගණයේදී එළැඹෙන 17 දා ඇරඹෙන තරගාවලිය 23 දා නිමා වීමට නියමිතව තිබෙනවා.      
මෙම තරගාවලියට ශ්‍රී ලංකාවනියෝජනය කරමින් ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගි වීමට නියමිත අතර කණ්ඩායම් ප්‍රධනි ලෙස ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ජාතික පාසල් ක්‍රීඩා සභාවේ ලේකම් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා ) උපාලි අමරතුංග සහභාගි වීමට නියමිතයි.කණ්ඩායමේ කාන්තා කණ්ඩායම් භාර නිලධාරිණිය සහ පුහුණුකාරියක ලෙස ද කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ඒඩී නන්දාවතී කටයුතු කරන අතර කුරුණැගල මලියදේව බාලිකා විද්‍යාලයේ කුමුදුණි මල්ලිකා ද පුහුණුකාරිණියක ලෙස කණ්ඩායමට එක් වී සිටිනවා.කුරුණෑගල ශාන්ත ආනා විද්‍යලයේ නෙවිල් රොද්‍රිගෝ,වලල ඒ රත්නායක විද්‍යාලයේ  ස්වර්ණ පාලිත,මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ පී තමෙල් ද පුහුණුකරුවන් ලෙස එක් වී සිටින අතර හිටපු දුර පැනීමේ ජාතික වාර්තාලාභියෙකු වන ඉන්දික චමින්ද විතානගේ ක්‍රීඩක ජීවතයෙන් පසු පුහුණුකරුවෙක් ලෙස කේෂ්ත්‍රයට පිවිසෙමින් පුහුණුකරුවෙකු සිය පළමු සංචාරයට එක් වන අතර ඔහු රත්නපුර සීවලි මධය මහා විද්‍යාලය නියෝජනය කරමින් සංචාරයට එක්ව සිටිනවා.
තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් තරග වදින ඉසව් පිළිබද සවිස්තර වාර්තාවක් මේ සමග වෙනවා.
               
                                බාලක                                                      බාලිකා

මීටර් 100             සමිත් ලක්මාල්                                  ආර්එම්ආර්කේ රත්නායක සහ මේධනීවික්‍රමනායක
මීටර් 200             සමිත  ලක්මාල්                                  ආර්එම්ආර්කේ රත්නායක සහ සාරංගි සිල්වා
මීටර් 400             සතිර ශානක සහ කේඩී රත්නායක
මීටර් 800            ජීඑච් චාරුක කුෂාන්ත සහ
                            බීඒ සදරුවන්                                     කේඑන් නිශාන්ති දිලිහානි සහ ඒඑම්එම්පී                                                                                                    
                                                                                      අබේසිංහ
මීටර් 1500       බීඒ සදරුවන් සහ ජිඑච් චාරුක කුෂාන්ත කේඑන් නිශාන්ති දිලිහානි සහ ජීඑම්කේ වීරසිංහ
මීටර් 3000                                                                       එම්ජීඩීඑස් අමරසූරිය
මීටර් 100 කඩුලු                                                              එන්පීඅයි තත්සරණි සහ කේඒඅයිඅයි අබේරත්න
මීටර් 400 කඩුලු ඒඑම් හසින්තක දයාන් සහ
                          ආර්ඩීඒ විදුශංක
මීටර් 100 සහය  සතිර ශානක,විදුරලක්මාල්                   ආර්එම්ආර්කේ රත්නායක,මේධනි වික්‍රමනායක
                          කේඩී රත්නායක,හසින්තක දයාන්        ශලින්දා ප්‍රනාන්දු,සාරංගි සිල්වා,                    
                          ආර්ඩීඒ විදුශංක                                    එන්පීඅයි තත්සරණි,කේඒඅයිඅයි අබේරත්න
මීටර් 400 සහය සතිර ශානක,කේඩී රත්නායක               කේඑන් නිශාන්ති දිල්හානි,එස්ජීඑම්කේ වීරසිංහ,
                         යොමාල් රවිසර,සමිත ලක්මාල්             එම්ජීඩීඑස් අමරසූරිය,එම්ඕ උදයංගනී,  
                        ඒඑම් හසින්තක දයාන්,ආර්ඩීඒ විදුශංක   ඒඑම්එම්පී අබේසිංහ    
මීටර් 3000        ඩබ්එම්එච්එම් වීරසිංහ සහ ඩබ්බීඑම්
බාධක                         සමරවීර
මීටර් 5000                                                                       තිලිණි මධුශිකා
ඇවිදීම                                                          
මීටර් 10000
ඇවිදීම               කේඑම්ඩීපී කුලසූරිය
දුර පැනීම           විනුර ලක්මාල්                                      ඩබ්එම්කේසි විජේසිරිවර්ධන සහ සාරංගි සිල්වා
තුන් පිම්ම          කේජීකේ පෙරෙරා සහ විනුර ලක්මාල්  එච්ඩීවී ලක්ෂානි
උස පැනීම         සචින් එරංග සහ සීඑම්ජේපී ෆොන්සේකා එන්කේපී ජයමාලි ගුණරත්න
කව පෙත්ත        කේඒපී ජයවර්ධන
යගුලිය              මලින්ද මධුශංක සහ කේඒපී ජයවර්ධන
හෙල්ල              ආර් නුවන් කුමාර                                      ඩීඑම්ඩීඒ දිසානායක

www.supirikrida.com




I & D මේස පන්දු තරගාවලියට 550 ක්

ව වරක්ම ජාතික සූරිය වූ දීපිකා රොද්‍රිගෝ සහ ජාතික තලයේ මේස පන්දු ක්‍රීඩකයෙකු වන ඉන්දික ප්‍රසාද් විසින් නායකත්වය දෙන I & D  මේස පන්දු ඇකඩමිය විසින් පවත්වන්නට යෙදෙන බස්නාහිර පළාත් විවෘත මේස පන්දු තරගාවලියට 550 ක් පමණ තරගකරුවන් සහ තරගකාරියන් සහභාගි වීමට නියමිත බව එම ඇකඩමිය ප්‍රකාශ කරයි.සැප්තැම්බර් 14 සහ 15 යන දෙදින තුළ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවත්වෙන මෙම තරගාවලිය ඉතා ඉහළ මට්ටමින් සංවිධානය කිරීම සිය අරමුණ බව එම ඇකඩමිය පෙන්වා දෙයි.
කොළම ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් නියෝජනය කරන තරුණ සහ ලාබාල ක්‍රඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් දැනටමත් මෙම ඇකඩමිය යටතේ මේස පන්දු පුහුණුව ලබමින් සිටින අතර ඒ සියල්ලගේ දායකත්වය මත මේ තරගාවලිය සාර්ථකව නිමා කිරීම සංවිධායකයන්ගේ අරමුණ වී ඇත.
www.supirikrida.com

ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩිකාවෝ අද තායිලන්තයේදී තරග වදිති

 සියානු කාන්තා වොලිබෝල්    තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද තායිලනත්යේ නාකෝන් හී දි චීන තායිපේ කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.ඒ,බී.සී සහ ඩී ලෙස කාණ්ඩ හතරක් යටතේ පැවත්වෙන මෙම තරගාවලියේ ඩී කාණ්ඩයෙන් තරග වදින හ්‍රී ලංකා කණ්ඩායමට අද මුණ ගැසෙන චීන තායිපේ කණ්ඩායම දැනට ආසියාවේ පස්වන ස්ථානයට ශ්‍රේණි ගතව සිටින කාන්තා කණ්ඩායම වන අතර අද පස්වර් 4.00ට පැවත්වෙන එම තරගයෙන් පසුව ශ්‍රී ලංකාවට හෙට හමුවීමට නියමිතව ඇත්තේ දකුණු කොරියාවය.දකුණු කොරියා කාන්තා කණ්ඩායම මේ වන විට ආසියාවේ කාන්තා වොලිබෝල් කණ්ඩායම් අතර තෙවන ස්ථානයට වර්ගීකරණය වී සිටින අතර හෙට පසුවරු 2.00 ට දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය පැවත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තරග වදින කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම මියන්මාරය වන අතර ශ්‍රී ලංකාව සහ මියන්මාරය එම කාණ්ඩයේ සිටින ආසියානු ශ්‍රේනිගත කිරීම් වන මුල් කණ්ඩායම් අට අතරට ඇතුළත් නොවුණු කණ්ඩායම්ය.ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර තරගය පැවත්වෙන්නේ 15 දා පෙරවරු 11.00 ට ය.තරගාවලියට කාණ්ඩ හතරක් යටතේ තරග වදින සමස්ත කණ්ඩායම් ප්‍රමාණය 16 කි.ඉරේෂා පෙරේරාගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ආනන්ද වන්නිතිලකය.
www.supirikrida.com