Sep 12, 2013

JAT කදුරටට අත දෙයි

JAT හෝල්ඩින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර 20/20 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කදුරට මෙරුන්ස් කණ්ඩායමේ අන්‍රග්‍රහකත්වය දැරීමට ඉදිරිපත් වී ඇත.
මෙවර පැවති සුපර් 4, 20 / 20 ක්‍රිකට් සූරතාවලියේදී චැම්පියන්ස් කුසලානය සදහා තරග වැදීමට එහි සූරතාවය දිනා ගනිමින් සුදුසුකම් ලත් කදුරට මෙරුන්ස් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේලහිරු තිරිමාන්නය.එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් කටයුතු කළේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ කදුරට කණ්ඩායමට අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව වන අතර එම අවස්ථාවට JAT හෝල්ඩින්ග්ස් නියෝජනය කරමින් සහභාගි වූ එහි අධ්‍යක්ෂිකා ජොයිස් ගුණවර්ධන ද ඡායාරූයේ වෙයි.
www.supirikrida.com

Sep 11, 2013

රොග් වෙනුවට බැක්

Thomas Bach is congratulated after his election as IOC President by Jacques Rogge, who received the Olympic Order to mark his 12 years in chargeජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපති ලෙස ජර්මණියේ තෝමස් බැක් ඊයේ තේරී පත් වුණා.1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේදී කඩු ශිල්පයෙන් ජර්මණියට රන් පදක්කමක් දිනා දුන් බැක් ඔලිම්පික් මුල් පුටුවට පත් අටවන යුරෝපීය ජාතිකයායි.ලොව ක්‍රීඩා පරිපාලනය ආශ්‍රිත විශාලතම සහ වැඩිම පිළිගැනීමක් සහිත තනතුර වන්නේ ඔලිම්පික් සභාපති තනතුර වන අතර බැක් සභාපති තනතුරට පත් වීමෙන් අනතුරුව එවැනි දැවැන්ත වගකීමක් තමන් වෙත පැවරීමට විශ්වාසය තැබූ සියළු දෙනාට ස්තූතිය පුද කරන්නට අමතක කළේ නැහැ.
බුවනොර්ස් අයර්ස් හී හිල්ටන් හෝටල් පරිහ්‍රයේදී පැවති විශේෂ සැසියකදී නව සභාපති ධූරයට පත් බැක් වෙත වසර 12 ක් සිය වගකීමට යටත්ව පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය ජැක් රොග්ස් විසින් පිරිනමන්නට යෙදුණා.මෙම පත් වීම සදහා පැවති නිලවරණයෙන් අවසාන තරගකරුවන් දෙදෙනා හැටියට පුවාර්ට රිකෝ රාජ්‍යයේ රිචඩ් කැරියන් සහ තෝමස් බැක් ඉතිරිව සිටි අතර ඒ අතරින් බැක්,රිචඩ් ට වඩා බොහෝ ඉදිරියෙන් සිට ඔලිම්පික් මුල් අසුන වෙත තේරී පත් වුණා.59 හැවිරිදි තෝමස් බැක් වෙත සුභ පතමින් නව සභාපති ධුරයට හිටපු සභාපති රොග් විසින් සුභ පතන අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.
www.supirikrida.com

ජන හද තවමත් සංගාට ඉදිරියේදි හොදම ලකුණු සටහන් කරු සහ තණතිලි භාරකරුත් අගයමුද?


ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ජනතා ප්‍රසාදයට පත් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ගෞරවයට පත්‍ර වූ කුමාර සංගක්කාර ශ්‍රී ලංකාවේද වඩාත්ම ජනතා ප්‍රසාදය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඊයේ ඩයලොග් ක්‍රිකට් සම්මාන උළෙලෙදී පිදුම් ලැබූ අතර වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස දග පන්දු යවන රංගන හේරත් අභිෂේක ලැබීය.කුමාර සංගක්කාර ටෙස්ට් පතිකරුවන් අතර ද හොදම පිතිකරු ලෙස ඇගයීමට ලක් වූ අතර එහි දී යළිත් හොදම පන්දු යවන්නාගේ සම්මානය හිමි වූයේ රංගන හේරත්ට ය.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයන් අතර හොදම පිතිකරු සම්මානය ටීඑම් ඩිල්ෂාන් දිනා ගත් අතර හොදම පන්දු යවන්නා වූයේ ලසිත් මාලිංග ය.තුන් ඉරියව් දක්ෂතා වෙනුවෙන් ඇගයීමට පත් එක්දින ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ය.ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් අතරින් දක්ෂතම පිතිකාරිණිය ලෙස දීපිකා රසාංගිකා ඇගයීමට පත් වූ අතර චාමිණි සෙනවාරත්න දක්ෂතම පිතිකාරිණිය ලෙස ඇගයීමට ලක් වූවාය.හොදම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස ශෂිකලා සෙනවිරත්න සම්මානයට පාත්‍ර වූවාය.
විනසුරුවන් ඇගයීම ද මෙහිදී සිදු වූ අතර එහිදී හොදම දේශිව විනිසුරු ලෙස මෑතකදී ජාත්‍යන්තර විනසුරුු වරම් ලැබූ රවීන්ද්‍ර විමලසිරි (රාජා) සම්මානයට පාත්‍ර වූවාය.මෙම සම්මාන උළෙලේදී මාධ්‍යකරුවන් ඇගයීමට ලක් වීම විශේෂ සිදු වීමක් ලෙසදැකිය හැකි අතර එහි දී ඉංග්‍රීසි මාධ්‍යයෙන් එල්මෝ රුද්‍රිගොපිල්ලේ ද දෙමළ මාධ්‍යයෙන් නෙවිල් ඇන්තනී ද සම්මානයට සුදුසකම් ලැබූ අතර සිංහල මාධ්‍යකරුවන් අතරින් එම ඇගයීම දිනා ගත්තේ ලංකාදීප ක්‍රීඩා සංස්කාරක දමින්ද විජේසූරිය.හොදහ ක්‍රීඩා මාධ්‍යවේදියාගේ සම්මානය ‍චන්නක ද සිල්වා විසින් දිනා ගත්තේය.ඇගයීම් මණ්ඩලයේ විශේෂිත නිර්දේශ මාධ්‍ය සම්මානය දේශිය වශයෙන් ක්‍රිකට් ප්‍රචලිත කිරීම උදෙසා සිය හඩ දායකත්වය නොමසුරුව ලබා දුන් මාධ්‍යවේදී පාලිත පෙරේරා ට හිමි විය.
මීට අමතරව ඩයලොග් සම්මාන උළෙලේදී දේශිය ක්‍රිකට් පිටියේ පැවත්වෙන ප්‍රධාන තරගාවලි ආශ්‍රිතව සෑම කාණ්ඩයකම වඩාත් දක්ෂ ක්‍රීඩකයන ඇගයීම සිදු වූ අතර මෙම සම්මාන උ‍ළෙලේදී විනසුරුවන්,මාධයවේදීන් ඇගයීමට ලක් වූ ආකාරයෙන්ම ඉදිරියේදී සම්මාන සහතිකයකට හෝ යටත් කරමින් හොදම ලකුණු සටහන් කරු,තණතිලි භාරකරු ආදී ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබෝධයට හේතුවන චරිත සදහාත් යම් ඇගයීමක් ලබා දෙන්නට හැකි නම් එයද ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධියටම හේතු වනවා ඇත.

සියල්ල බ්‍රැන්ඩෙක්ස් සතු වීම කැෂුවලයින් වළකයි

මෙවර වෙළද සේවා වොලි‍බෝල් තරගාවලියේ අවසාන තරග ඉකුත් ඉරිදා (08) මහරගම ජාතික තරුණසේවා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී කාන්තා සුපර් ලීග් සූරතාවය මාස් සමූහයට අයත් මාවතගම කැෂුවලයින් ආයතනය හිමි කර ගත් අතර අන් සියළු සූරතා බ්‍රැන්ඩෙක්ස් ඇගළුම් ආයතන සමූහයට අයත අයත් ආයතන විසින් දිනා ගත්තේය.ලාංකේය ඇගළුම් කේෂ්ත්‍රයේ නම ගත් ආයතන පද්ධතින් වන බ්‍රැන්ඩෙක්ස් සහ මාස් සමූහ ව්‍යාපාර ලාංකේය ක්‍රීඩා සංවර්ධනයේද පෙරටුගාමී මෙහෙයුමක නිරත වන අතර මෙවර වෙළද සේවා වොලිබෝල් තරගාවලියේදී ද ඒ බව සනාත කරමින් බොහෝ අවසාන තරග සදහා මාස් සහ බ්‍රැන්ඩෙක්ස් ආයතන සමූහයන් හරහා පැමිණි කණ්ඩායම් සහභාගි වීම දැක්විය හැකිය.
බ්‍රැන්ඩෙක්ස් හෝ මාස් සමූහ ව්‍යාපාරයන් වලින් බැහැර කණ්ඩායමක් ලෙස අවසාන තරගයකට පිවිසි එකම කණ්ඩායම වූ නිට්ටඹුව සුමිත්‍රා ව්‍යාපාරයේ කාන්තා කණ්ඩායම කාන්තා සූරතාවලිය සදහා පැවති අවසාන තරගයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම වෙතින් වට 3 - 0 ක පරාජයක් ලැබීය.ලකුණු තත්ත්වය 25 - 20,25 -23 සහ 25 - 20 විය.පිරිමි සූරතාවලිය සදහා වූ තරගයේ අවසාන තරගයට බ්‍රැන්ඩෙක්ස් ආයතන ව්‍යහුයට අයත් කණ්ඩායම් දෙකක්ම පිවිසි අතර එහිදී,කටුනායක බ්‍රැන්ඩෙක්ස් කැෂුවල්වෙයාර් කණ්ඩායම රිදීගම බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායමට එරෙහිව වට 3 - 1 ක ජයක් අත් කර ගත්තේය.ලකුණු තත්ත්වය 25 - 27.25 -15,25 -20 සහ 25 -22 ක් විය.
සුපිරි කණ්ඩායම් අතර වූ තරගාවලියේ අවසාන තරගයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම සමග කපුගොඩ මාස් ලීනියා ඇක්වා කණ්ඩායම  පිවිසි අතර එහිදී බ්‍රැන්ඩෙක්ස් කණ්ඩායම වට 3 - 0 ක ජයක් ලැබීය.ලකුණු තත්ත්වය 25 - 15,25 - 23 සහ 25 - 21 ක්  විය.බ්‍රැන්ඩෙක්ස් කණ්ඩායමට අහිමි වූ එකම සූරතාවය දිනා ගත් මාවතගම කැෂුවලයින් කණ්ඩායම ඔවුන්ගේ ප්‍රතිවාදිනියන් වූ වැලිසර බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායමට එරෙහිව වට 3 - 0 ක ජයක් ලබා ගැනීමට සමත් වූ අතර එම සූරතාවය ඉකුත් වසරෙ සූරතාවය දිනූ කණ්ඩායමක් මේ වසරේ එය රැක ගැනීමේ එකම අවස්ථාව වීමද කැපී පෙණින.එහිදී කැෂුවලයින් කණ්ඩායම බ්‍රැන්ඩෙක්ස් කණ්ඩායමට එරෙහිව 25 - 18,25 -15 සහ 25 - 13 ලෙස ජය ලැබීය.
www.supirikrida.com

Sep 10, 2013

බස්නාහිර බැඩ්මින්ටන් තරගාවලියේදී හිමාෂිට ද්විත්ව සූරතා

ස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන ලද 13 වන ක්ලැසික් බැඩ්මින්ටන් සූරතාවලියේදී කාන්තා අවුරුදු 20 න් ඉහළ තරග අංශයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිමාෂි ෂශිංකා එම වයස් ඛාණ්ඩයේ ඒකල සූරතාවය මෙන්ම ඩීඑස්පී ගුණසේකර සමග එක්ව එම වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල සූරතාවයද දිනා ගැනීමට සමත් වුණා.මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාව සහ මොරටුව විශ්ව විද්‍යාලී ගෘහස්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම තරගාවලියේ අවසාන තරග මොරටුව විහ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති අතර බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නිකුත් කරන්නට යෙදුණ ප්‍රතිපල ලේඛණය පහත දැක්වෙනවා.


Classic badminton Championship 2010 organized by

The Western Provice Badminton Association.

Results  

U15 - Girls Singles - Winner Nihinsa R. Medis   (O.L.V. Convent  , Moratuwa )

Runner-up Asvini Senevirathne (Sirimavo Bandaranayake

 Vidyalaya)

Girls Doubles -Winners Lithmi  L.  Gunawardena  ( Vidura  College )

 Sanduni Nimesha  ( Lindsay Girls School)

Runners-up Nihinsa R. Medis & Binuri Sudusinghe  of

 (O.L.V. Convent , Moratuwa )

Boys Singles- Winner H. H. Nilanka  Randilukshana  (Carey College)

Boys Doubles - Winners H. H. Nilanka  Randilukshana  & G. Navindu Navanjana

Runner-up Bevindu Dassanayake  (St. Joseph’s College Colombo)

Runners-up W. Buddhika Rathaweera  & Himesh  R. Premawardena

of  Carey College

of  President’s College,  Maharagama.

U18 - Girls Singles - Winner P. Nimesha  S. Perera  (Central College Piliyandala)

Runner-up Shaziya Samad   (Ladies College)

Girls Doubles -Winners Jithmi  G. Bandara (Sirimavo Bandaranayake Vidyalaya )

Runners-up Shaziyah Samad  & Bhagya Welikala

 &  M. Savindya S. Kuruppu  (Central College Piliyandala)

 from  ladies College

Boys Singles- Winner Johanne de Silva  (S. Thomas College- Mt. Lavinia )

Runner-up Chamindika Abeysinghe (S. Thomas  College – Mt  )

Over 40 Ladies Singles Winner Inoka Mataraarachchi (CMC Sports Club)

Runner-up W. P. Karunarathna (CMC Sports Club)

       Men's Singles Winner Dag  Mohan Jayasooriya

(The lovers Fellowship Badminton Club)

Runner-up Priyanka Samaradivakara  (Nations Trust Bank)

Men's Doubles Winners H.K. Vijitha Sanjeewa  &  Samith Perera

Runners-up Dag Mohan Jayasooriya  &  P.A.P. Perera

 (from  Cool  Max )

(The lovers Fellowship Badminton Club)

Over 20        Men's Singles Winner Ishara Abeysekara   (University of Moratuwa)

Runner-up M. Shawn  P. Perera

Men's Doubles Winners W. P. Darshin Srimal de Silva ((Mellennium IT) &

Runners-up J.A. L. Aravinda  (Brandix)

(Metropolitan Group of Companies)

Harsha Ambepitiya   (JHK)

P. S. Rajapaksha  (University of Colombo)

Over 20        Women’s Singles Winner J.M. Himashi Sasinka (S.L. Air Force)

Runner-up Marina Samaratunga   ( Millennium Information

Women’s Doubles Winners N. Idzani Usoof & Sara Silva from

Runners-up Shanika Wanaguru & Radeeka Abeysundara

 Technologies (pvt) Ltd.)

( Kothalawa  Defense University )

( Swiss  Biogenics  Pvt Ltd )

Over 20        Mixed Doubles Winner D.S.P. Gunasekara & J.M. Himashi  Sasinka

Runner-up Charana Geeganage  &  N. Idzani Usoof

 (S.L. Air Force)

(Kothalawala  Defense  University)
www.supirikrida.com

Sep 9, 2013

ජපානයට ඔලිම්පික්

Tokyo 2020 chief executive Masato Mizuno, Japanese Prime Minister Shinzo Abe, Tokyo Governor Naoki Inose and ambassador Christel Takigawa celebrate as they are awarded the Olympics and Paralympicsර්ජන්ටිනාවේ බුවනෝස්අයර්ස් හී පැවති 2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය නම් කිරීමේ අවස්ථාව නිමාවට පත් වූයේ තූර්කියේ ඉස්තාන්බුල් නුවර සහ ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර පරාජයට පත් කරමින් 2020 ඔලිම්පික් සතකාරකත්වය ජපානයට හිමි වෙමින්ය.මේ වසරේ මාර්තු 4 සිට 7 දක්වා සත්කාරකත්වය ලැබූ ටෝකියෝ නුවර සැළසුම් සහ ආරක්ෂාව මෙන්ම පහසුකම් සහ වෙනත් ක්‍රීඩාවන්හී ශක්‍යතාවයන් උදෙසා වන යෝජනා සැළකිල්ලට ගනිමින් කරන ලද ඇගයීම් මණ්ඩලයේ තීරණයට අනුව ජයග්‍රහණය ප්‍රකාශ කරන්නට හේතු විය.
ටෝකියෝ නගරය ඒ ආකාරයට ඇගයීමට ලක් කළ ලෙසම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අගයීම් මණ්ඩලය මාර්තු 18 සිට 21 දක්වා ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවරත් එම මාසයේ 24 සහ 27 යන දින වලදී තූර්කියේ ඉස්තාන්බුල් නගරයත් මේ ආකාරයටම ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුවත් මෙම තීරණය ප්‍රකාශ කරන්නට යෙදිණ 

Sep 8, 2013

යදමින් මිදුණු වේගය වාර්තා පොත් අතරට

ක්තිජනක පානයක් ලෙස භාවිතයට ගත් කිරිපිටි වර්ගයක් හේතුවෙන් තහනම් උත්තේජන භාවිතයට ගොදුරුව කෙටිකාලීන තරග තහනමකට යටත් ව සිටි හිමාෂ ඒෂාන් කෙටි කාලීන දඩුවමෙන් පසුව මෙවර ප්‍රසිද්ධ පාසල් මලල ක්‍රීඩා උළෙලට ඉදිරිපත් වෙමින් මීටර් 100 ඉසව්වේ මූලික වටය ජය ගත්තේ තත්පර 
10 .69 ක කාලයක් වාර්තා කරමින්ය.මූලික තරග වටයේදී වාර්තා වූ මෙම කාලය ප්‍රසිද්ධ පාසල් මලල ක්‍රීඩා ඉතිහාසයේ අවුරුදු 20 න් පහළ මීටර් 100 ඉසව්ව ඉදිරියේ නව වාර්තාවක් සනිටුහන් කිරීමක්ය.
ජාතික තලයේ දී මීටර් 100 වෙනුවෙන් වාර්තා වන කාලය ගත්තද හිමාෂ ගේ වාර්තා ගත කාලය බොහෝ ඉදිරියෙන් තිබෙන අතර අද දින පැවත්වෙන අවසාන තරගවලදී හිමාෂ ට එල්ල වන තරගකාරීත්වය මත ඔහුගේ කාලය තව දුරටත් යහපත් විය හැකිය.කළුතර විද්‍යාලයෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි හිමාෂ ඒෂාන් ගෙවුණු ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරමින් මීටර් 100 ඉසව්වේ අවසාන තරගය නියෝජනය කරන්නට සුදුසුකම් ලැබූ අතර අනතුරුව ඔහු තහනමට ලක්වන විට මීටර් 100 ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ලාංකේය ක්‍රීඩකයා බවට පත් වී සිටියේය.හිටපු කෙටි දුර ධාවකයෙකු වූ චමින්ද පෙරේරා හිමාෂගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේය.
www.supirikrida.com