පරිගණක තාත්ෂණය පිළිබද ගුරුවරයෙක් වන එම විද්‍යාලයේම ආදි සිසුවෙක්ද වන ආර් චන්ද්‍රසේකරන් යටතේ පුහුණුව ලබන මෙම කණ්ඩායමේ දුෂ්කරතා පිළිබදව පැහැදිළි කළ හෙතෙම කියා සිටියේ ආර්ථික ප්‍රශන නිසා මෙම ප්‍රදානයන් ලැබීම සදහා ද කණ්ඩයමේ හය දෙනාගෙන් සිව් දෙනෙක් පමණක් රැගෙන එන්නට හැකි වූ බවයි.සාමාන්‍යයෙන් උතුරේ දෙමළ ජනතාවට වඩා ආර්ථිකමය වශයෙන්ද අධ්‍යාපනික වශයෙන්ද පහළ මට්ටමක පසුවන දකුණේ දෙමළ ජනයා ගැන අඩු අවධානයක් යොමු වන තත්ත්වයක් තුළ වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය කළ මෙම පරිත්‍යාගය මිල කළ නොහැකියි.තව දුරටත් ඔවුන්ට ඔබ භාවිතා කළ එහෙත් තවත් ප්‍රයෝජනයට ගත හැකි උපකරණ වලින් හෝ සහය වීමට හැකියාව තිබෙනවා.මේ පිළිබදව ඔබේ අවධානය යොමු වේ නම් දුරකථන අංක 0773 815 999 ඔස්සේ අප ඇමතිය හැකි අතර අප දෙමළ මහා විද්‍යාලයේ පුහුණුකරු හෝ විදුහල්පතිතුමා සම්බන්ධ කර ගැනීම පිණිස මැදිහත් වීමේ කාර්යය කරන්නට කැමතියි
www.supirikrida.com
No comments:
Post a Comment