ශ්‍රී ලංකාව ගුරු කොට පාපන්දු දක්ෂතා වර්ධනය කරගත් මාල දිවයින නේපාලයේ දසරත් ක්‍රීඩංගණයේදී සිය පාපන්දු ගුරුන්ට ගෝල 10 ක සංග්‍රහයක් ලබා දෙමින් 10 - 0 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.ගුරුවරයාගේ භූමියේ පාපන්දුවේ පිරිහීම මෙන්ම ඉතිහාසයේ මාල දිවයිනට හරියට පාඩම් කියා දිය හැකි තත්ත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවති පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨක්වය ද මෙ ජයග්‍රහණය හරහා කියා පාන්නේය.
තරගය විනිශ්චය කළ ඉන්දීය විනිසුරුගේ අතැම් තීරණ යම් බලපෑමක් කළ බව සත්‍ය වුව ද මාල දීවයින ඉදිරිපෙළ ජවයට සාපේක්ෂව ශ්‍රී ලංකාව සිටි මන්දගාමී තත්ත්වය තරගයට ජීවයක් එක් කිරීමට ප්‍රමාණවත් නොවිණ.හුදෙකලා අශ්වයෙකු මෙන් ක්‍රියාත්මක වූ මාල දිවයින ඉදිරියේ සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙස අතරමං වූ ශ්‍රී ලංකාව සිය කළාපය තුළ විදින්නට ලැබුණු දැවැන්තම පරාජයට මුහුණ දුන්නේය.
සිව්වන විනාඩියේදී ඇරඹි මාල දිවයින ලකුණු යන්ත්‍රය 86 වන විනාඩිය දක්වාම ක්‍රියාත්මක වූ අතර,වාර්තා වූ ගෝල 10 න් 6 ක් ම මාල දිවයිනේ ප්‍රබලතම ක්‍රීඩකයා ලෙස කටයුතු කරන අලි අස්ෆක් විසින් වාර්තා කළේය.
විනාඩි 4ක් අතුළත අස්ෆක් ට ගෝල හතරක්ම රැස් කරන්නට දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පසු පෙළ මෙන්ම දැල රකින්නා ද මෙම පරාජයේ වගකීමෙන් වැඩි කොටසක් දැරිය යුතුය.දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවට වඩා ජගත් ශ්‍රේණිගත කිරීම් හි මාල දිවයිනට වඩා පියවර 17 ක පමණ පසු පසින් සිටින ශ්‍රී ලංකාව මාල දිවයිනෙන් මෙවැනි පරාජයක් ලැබුවේ නම්,ආසියාතික මට්ටමේ ප්‍රබල පිල් සමග සංසන්දනය කිරීමට සිතන්නටවත් අපහසුය.
www.supirikrida.com

No comments:
Post a Comment