Sep 4, 2013

උදය තවත් පැහැබර වෙයි

ටාර් හී පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා බාලක කැඩෙට් කණ්ඩායම කැපී පෙනෙන දස්කම් සමගින් ආසියාවේ අටවන ස්ථානයට කැදවා ගෙන එන්නට කැඩෙට් බාලක කණ්ඩායමට නායකත්වය දුන් උදය රණසිංහ බාලක කැඩෙට් තරග වලදී ද අවසන් 16 දෙනා අතරට පිවීසිමට සමත් විය.ශ්‍රී ලංකාව නැඩෙට් බාලක අංශයේ අවසන් කණ්ඩායම් අට අතර පැවති තරග වලදී චීනය ඉදිරියේ සිය ප්‍රථම පරාජය සටහන් කළේ තරග වට 3 -0 ක් ලෙසය.නමුත් දෙවන තරගයේදී හොංකොං කණ්ඩායමට එරෙහිව ප්‍රබල සටනක නියැලි ශ්‍රී ලංකාව තරග වට 3 - 2කින් පරාජය වූ අතර අටවන ස්ථානය සදහා පහත බසින්නට සිදු වූයේ හත්වන ස්ථානය සහ අටවන ස්ථානය තේරීම සදහා වූ තරගයෙන් කටාරය ඉදිරියේ 3 - 0 ක් ලෙස පරාජය වීම නිසාය.
කේවල කැඩෙට් තරග වල දී දස්කම් පෑ උදය රණසිංහ මූලික වටයේ තමන් අයත් වූ කාණ්ඩයේ තරග වලදී ප්‍රථමයා බවට පත් විය.ඒ චීන තායිපේ හී ලින් -යුන් - ජුන් තරග වට 3 - 2 ට පරාජයට පත් කරමින්ය.අනතුරුව ඉන්දියාවේ ගෝස් අනිර්බාන් තරග වට 3 - 1 ට පරජයට පත් කරමින් අසග්වැසි රටේ සිය සම වයස් සූරයා පරාජයට පත් කරමින් කලාපය හා සසදද්දී අපූරු විප්ලවයක් කිරීමට සමත් වූ අදය තරගාවලිය් අවසන් ක්‍රීඩකයන් 16 දෙනා අතරට එක් විය.අවසන් 16 දෙනා අතර තරගයේදි ජපානයේ අංක එක ක්‍රීඩක ඉසුකෝ ටකුටෝ උදය රණසිංහගේ ප්‍රතිවාදියා වූ අතර ඔහු තරග වට 3 - 2 ක් ලෙස කණ්ඩායම් තරග තුළ දී පරාජය කරන්නට සමත් වී තිබීම නිසා උදය අවසන් 8 දෙනා අතරට එක්වනු ඇතැයි විශ්වාසය පළ වුව ද අවසානයේ අවාසනාවන්ත පරාජයකට මුහුණ දෙමින් උදයට ටකුමෝ ඉදිරියේ තරග වට 0 - 3 ක් ලෙස පසු බසින්නට සිදු විය.
www.supirikrida.com

No comments: