ජාතික ක්‍රීඩා උළෙල නිමා විය.සමස්ත උලෙලේ අවසානය සනිටුහන් කරන මලල ක්‍රීඩා දස්කම් ඇගයීමට පිරිනමන මෝටර් රථය දිනා ගැනීමට හැකි වූයේ රිටි පැනීමේ සූරිය අනෝමා කරුණාවංශට ය.ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සළකා බැලීමේදී මලල ක්‍රීඩා ඉසව්වක ජාත්‍යන්තර ලකුණු සටහනට සාපෙක්ෂව අඩුම ලකුණු ගණනක් ලැබූ ජයග්‍රාහිකයන් අතරට වැටෙන එම දස්කම මෝටර් රථයකින් අගයන්නට සිදු වු හේතු ගණනාවකි.
නමින් ජාතික වූ පසු ඊ ළග පියවර ජාත්‍යන්තර විය යුතුය.ඒ අනුව ජාතික තරගාවලියක වැදගත්කම ජාත්‍යන්තර පොළවේ අස්වැන්න නෙලීමට හැකි මට්ටමේ දක්ෂයන් මතු කර ගැනීම සහ එවැන්නන් සොයා ගැනීමය.මලල ක්‍රිඩාවේ ජාත්‍යන්තර පිටියට සාපේක්ෂව ඒ ඒ ඉසව්වල දක්ෂයන් මතු කර ගැනීමට හැකි පැහැදිළි චිත්‍රයක් ලෝකයටම අදාළ වන සේ නිර්මාණය වී ඇත.ඒ ජාත්‍යන්තර මලල ක්‍රිඩක දක්ෂතා අනුව ඒ ඒ ඉසව්වලට ලකුණු ලබා දෙන ක්‍රමවේදය ය.එ් අනුව ක්‍රීඩා උළෙලක වඩාත්ම දක්ෂ ක්‍රීඩකයා තීරනය වන්නේ එම ලකුණු සටහනේ වැඩිම ලකුණුලාභියා අනුවය.
මෙය ඇතැම් විට ක්‍රීඩාවේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන පුද්ගලයන් දන්නේ නැත.නමුත් ක්‍රීඩාවේ සෛද්ධාන්තික හැදෑරීමක සහිත වෘතීන් වල නියැලෙන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පිරිස දත යුතුය.එහෙත් සිදු නොවන්නේ එයය.ඔවුන් පත්වන අමාත්‍යවරයාගේ දේශපාලන දාම් පෙත තුළ වඩාත් සැහැල්ලුවෙන් හැසිරෙන ඉත්තන් බවට සහ ගොට්ටන් බවට පත් වීම නිසා ක්‍රීඩාව මෙහෙය වීමට අවශ්‍යය විද්‍යාණුකූල පරිසරය පසෙක තබා දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රීඩාව මෙහෙයවීම සිදු වන්නේය.
ඒ නිසා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ලකුණු සටහනේ ඉහළම ලකුණු ලාභින් වී උළෙලේ යතුරු පැදි දිනා ගන්නා චන්ද්‍රිකා සුභාෂණීට සහ මංජුල කුමාරට සිදු වන්නේ,උළෙලේ ජාත්‍යන්තර මට්ටමෙන් අඩුම දක්ෂතා පෙන්වා මෝටර් රථය දිනා ගත් අයට අත්පොළසන් දෙන්නටය.
සුපිරික්‍රීඩා වලට අනුවනම් මෙය ඛේදවාචකයක්ය.මෝටර් රථය දිනා ගත් ක්‍රීඩිකාවට වඩා අඩුවෙන් ලකුණු ගත් ඉසව්වක ජයග්‍රාහකයෙකු සොයා ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කමිටුවක් පත් කරන්නේනම් එයින් ක්‍රීඩාවට සිදු වී ඇති පාඩුව සිතා ගන්නට හැකිය.එවැන්නකදී තමාට හූ මිටි තලන නිලධාරි රොත්ත තමාගේ අතින් මලල ක්‍රීඩාවට පොවන්නට සකස් කර දී ඇත්තේ මී පැණි බදුණක් නොව විෂ බදුණක් බව තේරුම් ගැනීමට අමාත්‍යවරයාට හැකි වෙනවා සහතිකය.
නමුත් රිටි පැනීම ගැන වෙනම කතා කළ යුතුය.පසුගිය වසර තුන තුළ මෙම ඉසව්වේ කාන්තා තරගකාරීත්වය විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.ඒ සදහා මලල ක්‍රීඩා පරිපාලනය හෝ ජාතික වශයෙන් ක්‍රීඩාවන් හී සහ ක්‍රීඩා ඉසව්වන් හී ප්‍රවර්ධන කාර්යයන් පැවරී ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩා අමාත්‍යංශයේද ආශිර්වාදය අතිව කළ දෙයක් නැත.මේ ක්‍රීඩාව මෙහෙයවමින් සිටින්නේ ක්‍රීඩාවේම නියැලුණු දෙතුන් දෙනෙකි.තවමත් ජාතික වාර්තාවට උරුමකම් කියන රුවන් ප්‍රදීප් කුමාර මෙන්ම ගුණරත්න සහ රෝහිත යන හිටපු රිටි පැනීමේ ක්‍රීඩකයන් තිදෙනා කේන්ද්‍ර කර ගෙන පුහුණුවීම් කරන බහුතර පිරිසක් මෙම ක්‍රීඩාවෙ උන්නතිය වෙනුවෙන් දක්වන දායකත්වය නොවන්නට රිටි පැනීමේ ක්‍රීඩාවක් අද නැති වන්නට ද තිබිණ.ජාතික වාර්තාලාභිණිය ද රෝහිත ගේ ගුරුහරුකම් මැද වැඩෙන්නියකි.
මේ ක්‍රීඩාව කරගෙන යාම සදහා ලැබෙන්නේ අවම පහසුකම්ය.එය සුගතදාස පිටියේ සිටම ක්‍රියාත්මක වන්නේය.එසේම මෙම ඉසව්වේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසි විටෙක විදේශ සංචාරයක් ලබන්නේ නැත.පුහුණුකරුවන් වැඩි දුර පුහුණුවට යවන්නේද නැත.මෙය බලධාරීන් සහ වගකිව යුත්තන් කරන්නන් වාලේ කරන්නට දී බලා සිටින ක්‍රීඩාවක්ය.ඒ තත්ත්වය ඇතුළත මහාවංශයේ ක්‍රීඩා ඉසව්වලට සාපේක්ෂව අතදීමක් නැගිට්ටවීමක් නැති රිට නොදන්නාකමට හෝ ක්‍රීඩාවේ න්‍යායාත්මක පැත්ත නොසළකා හරින ලද ව්‍යාපෘතියක් නිසා වටිනාම ක්‍රීඩාව බවට පත් වී තිබීම එක අතකින් හාස්‍යජනකය.
ක්‍රීඩා ජාත්‍යන්තර ලකුණු සටහනේ වැඩිම ලකුණුලාභින් ඇගයීම හැර වටිනාම තිළිණය ලෙස මෙම මෝටර් රථය පිරිනැමීම සදහා තෝරා ගන්නට තවත් ක්‍රමවේද කිහිපයක්ම ගත හැකිව තිබිණ.ඒ ක්‍රීඩා උළෙල ජාතික වන නිසාවෙන්ය.මේ වසරේ මලල ක්‍රීඩා පිටියේ ජාත්‍යන්තර මට්ටමද ගත් විට වැඩිම ලකුණු ගණනක් හිමි වූ දක්ෂතාවය ප්‍රදර්ශනය කර තිබෙන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සෙවීම ඉන් එකක්ය.එසේ නොවන්නේ නම් නදීකා ලක්මාලි මේ වසරේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සූරතාවලියේ අවසාන 12 දෙනා අතරට ආ අතර ඇය එම දස්කම කළ දෙවන ලාංකිකයා ය.ඇය ඇගයීමට ද මේ ක්‍රීඩා උළෙල අවස්ථාවක් කර ගන්නට තිබිණ.නමුත් නදීකා තමා කළ දක්ෂතාවය අගයමින් ලැබුණු අල්පෙනිත්තක් හෝ නොලැබ හිස් අතින් ජාතික ක්‍රීඩා උළෙල වාර්තාවක්ද සමග පිටත් වූවාය.
ක්‍රීඩා උළෙල ඊ ළග වසරේ යන්නේ කිලිනොච්චියටය.එහිදී ඇතැම් විට මේ ආකාරයටම නාවලපිටියට රැස් වූ ගම්වාසීන් ගේ විසිල් වලින් උදම් වූ අමාත්‍යවරයා පිරිනමන කෝච්චියක් හෝ නැවක් ජාත්‍යන්තර වශයෙන් අඩු වටිනාකමක් ඇති ඉසව්වකට පිරිනැමෙන්නට ඉඩ ඇත.අමාත්‍යවරයා ක්‍රීඩා උළෙලේ සාර්ථකත්වය මනින්නේ මිනිසුන් කෙතරම් ප්‍රමාණයක් රැස්වෙනවාද යන කාරණය මතය.නමුත් එය ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට හේතු නොවන බව කියන්නට ක්‍රීඩා අමාත්‍යංශයේ හෝ සංවර්ධන දෙපාර්තමේන්තුවේ කිසිවකුත් නැත.ගමේ පිට්ටනියට විසිල් ගසන්නට මින්සුන් කැදවන ඡන්ද රැස්වීමක් ගමේ පිටියට පහසුකම් කැදවා ක්‍රීඩා උළෙල පැවත්විය යුතුය යන මතයේ පිහිටා කටයුතු කරන්නට ඇමතිවරයා මෙහෙයවීමට කිසිවකුත් නොමැති වීම ජාතික අපරාධයකි.එසේ පහසුකම් කැදවන්නේනම් ක්‍රීඩා උළෙල පැවත් වූ පිටිය ඉතාමත් ආකර්ශණිය වටපිටාවක පිහිටා තිබෙන බව කියන්නට කිසි විටෙකත් පැකිලෙන්නේ නැත.
මිනිසුන් කැදවා හිස් වලින් පුරවා ජාතික ක්‍රීඩා උළෙලේ සාර්තකත්වය එය යැයි සිතන පරිපාලන චින්තනය වෙනස් නොවන්නේනම් සිදු විය හැක්කේ මහා පිරිසට විසිල් ගසන්නට නොවක්‍රීඩාව වෙනුවෙන් පාශකූලය දෙන්නට බව අප මතක් කරනු කැමැත්තෙමු.
No comments:
Post a Comment