Sep 4, 2013

වෙළද සේවා වොලිබෝල් අවසන් තරග මහරගමදී

වෙළද සේවා වොලිබෝල් තරගාවලිය 2013 අවසන් තරග සැප්තැම්බර් 8 දා මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අත්සවාකාරයෙන් පැවත්වීමට සියල්ල සූදානම් බව වෙළද සේවා වොලිබෝල් සංගමය ප්‍රකාශ කරයි.ඉකුත් වසරේ දී වොලිබෝල් කේෂ්ත්‍රයේ නැවුම් ප්‍රබෝධයක් අතැිවන ආකාරයෙන් සංවිධානය කරන්නට යෙදුණ වෙළද සේවා වොලිබෝල් තරගාවලියට මෙවර සූරතාවලිය සදහා පිරිමි අංශයෙන් කණ්ඩායම් 47 ක් සහභාගි වූ අතර එම කාන්තා අංශයේ කණ්ඩායම් නියෝජනය 19 ක් විය.මෙම තරගාවලියට සාපේක්ෂව ක්‍රියාත්මක සුපිරි තරගාවලිය සදහා පිරිමි අංශයෙන් තරග වැදීමට කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා සිටි අතර කාන්තා අංශයෙන් කණ්ඩායම් හතරක් සුදුසුකම් ලබා සිටියේය.
කණ්ඩායම් 47 ක් සහභාගි වූ පිරිමි සූරතාවලිය සදහා වන තරගාවලියේ අවසාන තරගය සදහා බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා සිටින අතර ඒ අනුව බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයාර් කටුනායක සහ රිදීගම කණ්ඩායම් 8 දා පෙරවරු 11.00 ට පිරිමි සූරතාවලියේ අවසන් තරගය සදහා මුහුණ දිමට සූදානිමින් සිටියි.අවසන් දින අවසන් තරග අරඹමින් පැවත්වෙන සූරතාවලිය සදහා වන කාන්ත අවසන් තරගයට මුහුණ දෙන්නේ නිට්ටඹුව සුමිත්‍රා ගාර්මන්ට්ස් කණ්ඩායම සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල්ස් කණ්ඩායමය.එම තරගය 8 දා පෙරවරු 9.00 ට ඇරඹිමට නියමිතව ඇත.
සුපිරි පිරිමි අංශයේ අවසාන තරගය පස්වරු 3.00 ට ඇරඹිමට නියමිත අතර ඒ සදහා ලීනියා ඇක්වා කපුගොඩ කණ්ඩායම සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල්ස් කණ්ඩායම මුහුණ දීමට නියමිතය.එම කාන්තා අංශයේ අවසන් තරගය සදහා පස්වරු 1.00 ට මුහුණ දිමට සූදානමින් සිටින්නේ,මාවතගම කැෂුවලයින් කණ්ඩායම සහ වැලිසර බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායමය.

No comments: