Sep 1, 2013

ශ්‍රී ලංකා කැඩෙට් ගැටව්‍ කටාරය කළඹයි

ටාරයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ කැඩෙට් අංශයෙන් තරග වදින ශ්‍රී ලංකා බාලක කණ්ඩායම ඉහළ දස්කම් ප්‍රදර්ශණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.පළමුවෙන් ඉරාන කණ්ඩායම තරග 3 - 1 න් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රබල ජපන් ක්‍රීඩකයන්ට එරෙහිව අති විශිෂ්ඨ තරගයක් ලබා දීමට සමත් වුහ.ශ්‍රී ලංකාව නියෝජනය කළ උදය රණසිහ සහ ප්‍රසාද් ද සිල්වා නරඹන්නන්ගේ දෙබැම ඉහළ නංවන්නට තරම් වූ විශිෂ්ඨ ක්‍රීඩා රටාවක නියැලෙමින් ප්‍රබල ජපානය ඉදිරියේ තරග 3 - 2 ක් ලෙස පරාජය වුව ද එම දක්ෂතා ශ්‍රී ලංකාවේ අනාගත මේස පන්දු ක්‍රීඩාව රැක ගැනීම සදහා වන වගකීම පැවරී ඇති පරිපාලකයන්ට අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කළහොත් ලාංකේය මේස පන්දු ක්‍රීඩාවට ලෝකය ඉදිරියේ බොහෝ දේ කළ හැකි බවට කළ ඉගි සැපයීමක් විය.
පිරිමි කණිෂ්ඨ අංශයේ තරග වලදී  ශ්‍රී ලංකාව සමග තරග වැදි තායිලන්තය සහ කොරියාව ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් නොදෙමින් තරග 3 -  ලෙස ජය ගැනීමට සමත් වූ අතර කණිෂ්ඨ කාන්තා තරග අංශයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග වැදි සිංගප්පූරුව සහ හොංකොං කණ්ඩායම් ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අත් කර දුන්නේ එම ඉරණමමය.බාලිකා කැඩෙට් අංශයේ තරග වලදී ශ්‍රි ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ ඉනදියාව සහ ජපානය ය.එහිදී ද එම රටවල් දෙක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව තරග වට 3 - 0 ලෙස ජය ගැනීමට සමත් විය.
www.supirikrida.com

No comments: