ජනමාධ්‍ය හමුවේ කමිටු වාර්තාව ප්‍රකාශ කිරීමට ක්‍රීඩා පණත සංශෝධනය වැනි අසාර්ථක මෙහෙයුම් ගණනාවකට දායක වූ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නීති උපදේශක මෙන් පෙනී සිටින පණ්ඩුක කීර්තිනන්ද සහභාගි වූ අතර ක්‍රීඩා අමාත්‍යවරයා මූලික වශයෙන් අයථා මුදල් පරිහරණයක් සිදු වී ඇතැයි යන මතයේ සිට ඔහුගේම නියෝජිතයන් මෙම පරීක්ෂණ කාර්යය සදහා යෙදවීම,මෙන්ම එම මාධය හමුවේදී පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් වැඩිපුරම අදහස් දැක් වූ පුද්ගලයා ක්‍රීඩා අමාත්‍යවරයා වීමත් නිසා මෙම වාර්තාවද,සරත් වීරසේකර වාර්තාව මෙන්ම ඒක පාර්ශ්වික වාර්තාවක් විය හැකි බවට මධ්‍යස්ථ පාර්ශව සැක පහළ කරයි.
එම නිසා පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් මෙම පරීක්ෂණ කාර්යය ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශය වග නොකියන ස්වාධීන කමිටුවක් මගින් සිදුවිය යුතු බව පවසන මධ්‍යස්ථ පාර්ශව මේ පිළිබදව ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට සූදානම් බව ද පෙන්වා දුන්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment