බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවති එක් දින තරගාවලිය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිර්මාණය කළ පරිසරය පිතිකරුවන්ගේ දුර්වල ප්‍රහාරාත්මක රටාව නිසා විනාශ වී ගොස් තෙවන එක් දින තරගයෙන් කොදෙව් ක්‍රීඩකයන්ට ලකුණු 67 ක ජයක් හිමි වෙමින් ශ්‍රී ලංකාවට තරගාවලියෙන් 2 - 1 ක් ලෙස පරාජය භුක්ති විදින්නට ද සිදු විය.පළමුව පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයන් ලකුණු 196 ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ට හැකි වූ අතර එහිදී සුරංග ලක්මාල් ලකුණු 28 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.ඊට අමතරව දිල්රුවන් පෙරේරා,සීකුගේ ප්‍රසන්න,විමුක්ති පෙරේරා,චතුරංග ද සිල්වාසහ රමිත රඹුක්වැල්ල එක් කඩුල්ල බැගින් දවා ගත් අතර ඒ අතරින් සීකුගේ ප්‍රදර්ශනාතිමක පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දු වාර 10 ලකුණු 23 ට සීමා කරන්නට සමත් විය.
පිළිතුරු ඉණිමට මුහුණ දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය තරගාවලිය පුරාම ලකුණු අතර සිටියද මෙම තරගයේදී ඉක්මණින් කඩුලු අහිමි කර ගත් අතර එය ශ්‍රී ලංකා කණ්ඩායමේ බිද වැටීමේ ආරම්භය විය.මැද පෙළ පිතිකරුවන් ලෙස දිල්රුවන් පෙරේරා ලකුණු 48 ක් ලැබූ අතර රමිත රඹුක්වැල්ල ලකුණු 22 ක් ලැබීය.සෙසු පිතිකරුවන් අතරින් දිමුත් කරුණාරත්න (12) සහ සීකුගේ ප්‍රසන්න (10) ඉලක්කම් දෙකේ ලකුණු ප්‍රමාණයක් ලැබූ පිතිකරුවන් වූ අතර සෙසු සියල්ලෝම ලකුණු 10 ට අඩු ලකුණු ප්‍රමාණයකට දැවී යාම ඛේදණිය තත්ත්වයක් විය.
ලකුණු පූවරුවට
http://www.espncricinfo.com/ci/engine/current/match/631947.html මෙම සබදතාවය ඔස්සේ පිවිසීමට හැකියාව ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment