තරගකාරී වට පිටාවකදී වෙනත් භාහිර පීඩන වලින් තොරව නිර්මාණශීලීව සිතිමට අවශ්‍යය නිදහස ඇය සතු කර තැබීම අපේ යුතුකමක් යැයි පවසන සභාපතිණිය,තරගාවලියේ දක්ෂතා රැක ගැනීම සදහා පසුගිය කාලයේ කල්ලිවාදයකින් තොරව සියළු දෙනාගේ සහය තමාට දිනා ගැනීමට හැකිවීම ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩාව ලද ජයක් හැටියට පෙන්වා දුන්නාය.නිලවරණයදී මා සමග වැඩ කිරීමට නොහැකි බව පවසමින් ඉවත්ව ගිය අය පවා ක්‍රීඩාවේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් මා ගත් ඇතැම් පියවරවලදී මා සමග එක්ව වැඩ කිරීම සතුටුදායක තත්ත්වයක් බව පෙන්වා දෙන ලක්ෂිමි වික්ටෝරියා තමා කල්ලියකට අයත් අයෙකු නොව දැල්පන්දු පමණක් තමාගේ කල්ලිය වන බව පැහැදිළි කිරීමට සමත් වීම තුළින් ලාංකේය දැල් පන්දුවේ සංවර්ධනය අපේක්ෂා කරන පිරිස් දිනා ගැනිමට සමත් වූ බව පෙන්වා දුන්නා.
ඒ නිසා මෙවර යොවුන් තරගාවලියට හොද සහයෝගයකින් කණ්ඩායම සූදානම් කිරීමට හැකි වූ බව පෙන්වා දෙන ලක්ෂ්මි,විශේෂයෙන් කණ්ඩායමේ ශාරිරික යෝග්‍යකාවය නිවැරදිව කළමණාකරනය කිරීම සදහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සජිත් ජයලාල් මහතා ලබා දුන් සහය ඉහළ මට්ටමක පැවති බව පෙන්වා දුන්නා.ක්‍රීඩා අමාත්‍යවරයා පුහුණු සංචිතයේ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍යය සහය උපරිමයෙන් ලබා දුන් බවත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා,සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය මෙන්ම සෑම තරාතිරකම අය නේවාසිකාගාරය ලබා දෙමින් අවශ්‍යය පහසුකම් සම්පාදනය කරමින් මෙම තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීමට දැක් වූ සහය ඉතා ඉහළින් අගය කරන බව පැවසුවාය.
එසේම තරගාවලිය පැවත්වෙන බෘනායි හී ජාතික පුහුණුකාරිය වන්නේ අපේ තිලකා ජිනදාස යැයි පවසන ලක්ෂ්මි ඇය මේ වන විටත් අපිට විශාල සහයක් දක්වා තිබෙනවා යැයි පැවසුවාය.එවැනි වට පිටාවක ක්‍රීඩිකාවන්ට ආගන්තුක බව අඩුවෙන් දැණෙනු ඇති බව පවසන ලක්ෂ්මි,සෑම ක්‍රීඩිකාවක්ම මේ තරගාවලිය ජය ගැනීමට හැකි බවට දැඩි විශ්වාසයකින් පසුවන බවත් ඒ මානසික ශක්තිය ජයග්‍රහණය සදහා ලොකු පිටුවහලක් වනු ඇති බවත් පෙන්වා දුන්නාය.
www.supirikrida.com
.
No comments:
Post a Comment