තරගයේ විශේෂ අවස්ථා සදහා පහත සබදතාවය භාවිතා කරන්නhttp://www.espncricinfo.com/ci/content/video_audio/644781.html |
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 129 හඹා යාමට ගත් උත්සාහයේදී ඉයින් මෝර්ගන් පන්දු 30 ක් තුළ ලකුණු 33 ක් ලබා ගනිමින් උත්සාහ ගත අතර යළිත් ක්‍රියාත්මක වූ රවී බෝපරාද පන්දු 25 දී ලකුණු 30 ක දායකත්වයක් ලබා දුන්නා.නමුත් රවිචන්ද්‍ර අශ්වින්ගේ පන්දු දග කැවීම ඉදිරියේ අසරණ වූ එංගලන්ත පිතිකරුවන්ට ඔහුගේ ඕවර් 4 තුළ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 15 ක් වූ අතර ඒ අතර කාලයේ අශ්වින්ගේ කඩුලු පැසට එංගලන්ත කඩුලු දෙකක් ද එකතු වුණා.පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වමින් තරගයේ වීරයා බවට පත් වූ රවීන්ද්‍ර ජඩේජා සිය පන්දු ඕවර 4 තුළ කඩුලු දෙකක් ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 24 ක් පමණක් ලබා දෙමින්.තරගාවලිය පුරා අති දක්ෂ පිතිකරණයක නියැලි සිකර් ධවාන් එම දස්කම හේතු කොට ගෙන තරගාවලියේ වීරයා ලෙස නම් කරා.
අවසාන පූර්ව තරගය තෙක් පැමිණිය ද අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාවට අවසාන තරගය ආශ්‍රිතව අසමසම කීර්තිමය වටිනාකමක් හිමි වූයේ තරගයේ ප්‍රධාන තීරක ලෙස රන්ජන් මඩුගල්ලත්,අවසාන තරගයේ විනිසුරුවරයෙකු ලෙස කුමාර ධර්මසේනත් කටයුතු කිරීම නිසයි.
www.supirikrida.com
No comments:
Post a Comment