කාන්තා අංශයේදී ද ලීනියා ක්‍රීඩිකා එල් උදයංගනී කැපී පෙණුන අතර ඇය කිග්‍රෑම් 60 බර පංතියේ ජයග්‍රාහිකාව බවට පත් වූයේ 2010 ආසියානු කාන්තා බොක්සිං සූරතාවලිය නියෝජනය කළ බීඑල්එස් සදරේඛා පරාජය කරමින් ය.නමුත් කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති තවත් ප්‍රබල ක්‍රීඩිකාවක් වන පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණි පරාජය කළ තුල්හිරිය තුරුලි ක්‍රීඩා සමාජයේ අනුරාධා ජයසිංහ ය.අනුරාධා ගේ ජයග්‍රහණයට එරෙහිව අත්දැකීම් සහිත කෝසලා ලබා දුන් අභියෝගය නිසාම කෝසලා තරගාවලියේ දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූවාය.දක්ෂතම පරාජිත ක්‍රීඩකයා බවට පත් වූයේ නීල් හෙට්ටිආරච්චිය.ඔහු ද පල්ලෙකැලේ ලීනියා ක්ලෝදිං හී නියෝජනයකි.
නව ජාත්‍යන්තර නීති-රීති වලට අනුකූලව ක්‍රියාත්මක වූ මෙවර තරගාවලියේ දී පළමු වරට ක්‍රීඩකයන් හිස් ආවරණ රහිතව තරග බිමට පිවිසීම ලාංකේය බොක්සිං ඉතිහාසයේ වැදගත් සටහනක් වනු ඇත.තරගාවලියට මාස් පවුල නියෝජනය කරමින් ජාතික මට්ටමේ ජයග්‍රාහකයන්,ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම බලාපොරොත්තු සහගත නැගී එන බොක්සිං ක්‍රීඉක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ බැවින් තරගාවලියේ දක්ෂතා සහ තරගකාරී බව ප්‍රශස්ත මට්ටමක විය.
ලීනියා ක්ලෝදිං,තුල්හිරිය තුරුලි,පන්නල ස්ලිම්ලයින්,බියගම සිළුවේටා,මාවතගම කැෂුවලයින්,පානදුර යුනිචෙලා සහ කොග්ගල යුනිචෙලා යන බොක්සිං කණ්ඩායම් මාස් පවුල නියෝජනය කරමින් මෙවර තරගාවලියට ඉදිරිපත් වී සිටියහ.
ඡායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කරමින් තරගාවලියේ අතිසූර ක්‍රීඩකයා වූ සමීර ප්‍රනාන්දු,මාස් සමූහ අධ්‍යක්ෂ මෙන්ම නූතණ බොක්සිං ක්‍රීඩාවේ භෞතික සංවර්ධනයේ පුරෝගාමියා වන ඩයන් ගෝමස් අතින් තමන්ට හිමි සූරතා කුසලානය ලබා ගත් අවස්ථාවයි.
No comments:
Post a Comment