රගර් සහ පාපන්දු ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති හිෂාම් ආබ්දීන් විසින් මෙහෙයවන HARFA රගර් ඇකඩමිය මගින් මෙහෙයවන අවුරුදු 35 ට වැඩි ක්‍රීඩකයන් සහභාගි වන සත් සාමාජික ටැග් රගර් තරගාවලියක් ජූලි 6 සහ 7 දෙදින තුළ කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු සූදානම් කර ඇත.ප්‍රබල රගර් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද ප්‍රකට ආබ්දීන්ගේ ඇකඩමිය 2008 දී ඇරඹි පසු ඒ සදසහා දායක වෙමින් මාර්කෝ ද සිල්වා,ටෝනි විමලසූරිය සහ කමල් ජයවර්ධන ද පුහුණු කටයුතු සදහා එක් වූ අතර කාන්තා පුහුණුකාරිණියන් ලෙස ජාතික මට්ටමෙන් දක්ෂතා දක්වා ඇති හොරේෂා ප්‍රනාන්දු,රුක්ෂානි ආරියසේන සහ රුවනි දීපිකා ද එක් වී සිටිති.
ජාතික මට්ටමේ සිටි සුපිරිතම ක්‍රීඩකයන් මෙවර HARFA සත් සාමාජික රගර් තරගාවලිය නියෝජනය කරනු ඇතැයි ආබ්දීන් විශ්වාසය පළ කරන අතර ජූලි 6 සහ 7 ආදී රගර් තරුවල නොමැකි දීප්තිය දැක බලා ගැනීමට කොළඹ හැව්ලොක් පිටියට රග්ර් ලෝලීන්ට ගෞරවයෙන් අරාධනා කර සිටියි.
www.supirikrida.com
No comments:
Post a Comment