කුසල් ජනිත් පෙරේරා චැම්පියන්ස් කුසලාන තරගාවලියේදි වේග තණතීරු වල කාලයට සමපාත වීමේ ගැටළුවකින් පසුවන තත්ත්වයක් තුළ එම තණතීරු තුළ පන්දු හොදින් දර්ශණය කර ගනිමින් සිටි දිමුත් වැනි ක්‍රීඩකයෙකු පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබිණ.උපුල් තරංග ද මේ මොහොතේ කණ්ඩායමට පිවිසෙන්නේ තරගකාරී වට පිටාවෙන් බැහැරව සිට බැවින් දිමුත් පිළිබදව සිතීම කළ යුතුවම තිබුණු කාරණයක් වුව,තේරීම් කමිටුව අතින් එය ගිලිහී යාම කණගාටුදායකය.
ඊයේ පැවති දෙවන එක් දින තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 90 කින් පරාජයට පත් වුව ද,පළමුව පන්දුවට පහර දුන් කොදෙව් පිළේ ලකුණු 240 හඹා යාමේදී පන්දු 61 කින් ලකුණු 51 ක් රැස් කළ දිමුත්, පළමු කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල සමග ලකුණු 94 ක සබදතාවයක් පැවත්වීමට ද සමත් විය.ප්‍රථම තරගයේදී ද පන්දු 105 කින් ලකුණු 89 ක් ලැබූ දිමුත් තරගාවලියේදී ශතක දෙකක් ද රැස් කරන්නට සමත් විය.එවැනි පසු බිමක වඩා විශ්වාසවන්ත තේරීම බවට දිමුත් පත් වන්නට තිබුණ ද එය එසේ සිදු වි නැත.
www.supirikrida.com
No comments:
Post a Comment