Sep 19, 2012

මෙණ්ඩිස්ලා සිම්බාබ්වේ අනාත කරති

මෙවර ලෝක කුසලාන 20 /  20 තරගාවලිය අරඹමින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන්නට යෙදුණ සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගයේදි නව පන්දු යැවීමේ ලෝක වාර්තාවක් පිහිටුවමින් අජන්ත මෙන්ඩිස් පෑ දක්ෂතාවය මෙන්ම ජිවන් මෙණ්ඩිස් පන්දුවෙන් සහ පිත්තෙන් පෑ දස්කම් ද හේතු කර ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 82 ක පහසු ජයක් හිමි විය.හම්බන්තොට නව තණතීරුව සහ සුළග නිසා කාසියේ වාසිය දිනූ කණ්ඩායමක් පළමුව පන්දු රකිනු ඇතැයි ප්‍රවීනයන් පළ කළ අදහස ක්‍රියාවට නංවමින් කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දුන්නේය.
Kumar Sangakkara and Jeevan Mendis run for overthrowsපළමුව පන්දුවට පහරදීම දුෂ්කර කාර්යයක් බව අවබෝධ කර ගනිමින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 54 ක් ලබා දෙමින් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඒ අතරින් පළමු වරට 20 / 20 අන්තර්ජාතික තරගයකට පහර දුන් ඩිල්ෂාන් මුණවිර ලකුණු 17 ට දුවද්දි දැවී ගියේය.දග පන්දු යවන්නන් වූ ප්‍රොස්පර් උත්සෙයා සහ ග්‍රීම් ක්‍රිමියර් ශ්‍රී ලංකා පිතිකරුවන්ට යම් පීඩනයක් එල්ල කරන්නට වීමෙන් ලකුණු ලබා ගැනීම පහසු වූයේ නැත.
නමුත් ජිවන් මෙණ්ඩිස් පිටියට පිවිසීමෙන් පසු සංගක්කාර සහ ඔහු අතර සිදු වූ අවබෝධාත්මක කඩුලු අතර දිවීම හේතුවෙන් ලකුණු ගලා ඒම වැඩි වන්නට වූ අතර කෙට ලකුණු එක දෙක අතරට දුර්වල පන්දුවලට පිටියෙන් ඉවතටත් හතරේ පහරවලුත් එල්ල වන්නට වූ අතර ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ඉණිමේ 20 වන ඕවරයේ හතරවන පන්දුවේදී සංගක්කාර දැවි යන විට පන්දු ඔවර් 8ග1 දී ලකුණු 96 ක් රැස් කර තිබිණ.ඩිල්ෂාන් ලකුණු 39 ක් ද,සංගක්කාර ලකුණු 44 ක් ද එක් කළ අතර ජීවන් මෙණ්ඩිස් ලකුණු 43 ක් ලබා නොදැවී සිටියේය.
පිලිතුරු ඉණිම ඇරඹු සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රමයෙන් අභියෝගයට හැඩ ගැසෙමින් සිටිය දී   තරගයේ හයවන ඕවරය යැවීමට කැද වූ අජන්ත මෙණ්ඩිස් සියල්ල කණපිට හැරවීම ආරම්භ කළ අතර පළමු ඕවරයෙන්ම කඩුලු දෙකක් දවා ගත් අජන්ත සිය පන්දු ඕවර් 4 නිලකුණු ඕවර් 2 ක් ද සමග ලකුණු 8 ක් ලබා දී අවසන් කරන විට කඩුලු 6 ක් දවා ගෙන තිබිණි.සිම්බාබ්වේ ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ හැමිල්ටන් මසකඩ්සා ලකුණු 20 ට දැවී ගිය අතර එල්ටන් චිගුම්බුරා ලකුණු 19 ක් ලැබූ අතර ජීවන් මෙණ්ඩිස් ලකුණු 24 ට කඩුලු 3 ක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය තෙරපීමෙන් පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533272.html
www.supirikrida.com

No comments: