පැරා ඔලිම්පික් ඉතිහාසයේ පළමුවැනි ලාංකේය පදක්කම්ලාභියා වෙමින්ඉතිහාසයට එක් වූ ප්‍රදීප් සංජය සාජන්ට් තනතුර දක්වා උසස් කිරීමට යුධ හමුදාපති ජගත් ජයසූරිය විසින් තීරණය කිරීම මලල ක්‍රීඩාව ලද ජයක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.එවැනි ජාත්‍යන්තර ජයග්‍රහණ සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට තරම් සැළකිල්ලක් වෙනත් ක්‍රීඩා වලට නොදක්වන බවට ඇති ඉතිහාස සාක්ෂි සමග අප වෙබ් අඩවිය සංජයගේ ජයග්‍රහණයෙන් දෙදිනකට පසුව ම එම ජයග්‍රහණය සාජන්ට් තනතුරත් තරමට හෝ බර නැතිද යනුවෙන් ලිපියක් ලියන්නට පෙළඹුණු අතර මෙම තනතුර එම ලිපිය නිසා ලැබුණු එකක් නොවිය හැකි වුව ද,අප සිතූ පරිදි ඔහුට එවැනි උසස් වීමක් හිමි වීම පීලබදව ඉමහත් සතුටට පත් වන්නෙමු.
සාමාන්‍ය සිවිල් වැසියෙකු වන ජෑන්ස් දිසානායක නමු වූ ඔහු ගේ පුහුණුකරුද ඕපපාතික නොවන්නෙකු වන අතර ජාතික මට්ටමේ විවිධ ධාවන ඉසව් වල නියැලෙන පිරිසකගේ පුහුණුකරුය.විශේෂයෙන් කෙටි ධාවන ඉසව්වල අනාගත බලාපොරොත්තුවක් ලෙස දකින අක්ෂනා මාරලන්ද වැනි ක්‍රීඩිකාවකගේ මෙන්ම දුර ධාවන සූර විශාල පිරිසකගේ මාර්ගෝපදේශකයා ද වන ජෑන්ස්,මෙම ජයග්‍රහණය පිටුපස විශාල දෙයක් කර තිබෙන බව ද අප පිළිගත යුතුය.හිටපු මලල ක්‍රීඩකයෙකුද වන ජෑන්ස් මෙම ජයග්‍රහණය ගෙන ඒමට දැරූ වෑයම ද යම් ඇගයීමකට ලක් වන්නේනම් එය තවත් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමට මෙරට පුහුණුකරුවන්ට ලැබෙන දිි දීමක් වන බව නිසැකය.
කෙසේ හෝ ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට ඉතිහාසයක් ඇති ජගත් ජයසූරියනට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් යුධ හමුදාව කරන වෙහෙස අර්ථවත් කිරීමට සිවිල් වැසියන් ලෙස සහය දෙන පිරිසට දිය හැකි සහය සහ අගය කිරීම පිළිබදව අලුත් ආරම්භයක් ලබා දිමට මෙය කදිම අවස්ථාවක් වනු ඇති බව අපේ විශ්වාසය ය.දැඩි ආරක්ෂාවක් අවශ්‍යය අවධියේ පවා ඔහු සිවිල් වැසියෙකු ලෙස සාමාන්‍ය ඇදුමින් සැරසි තොප්පියක් හිස පළදා ගෙන බොක්සිං තරග නැරඹිමට පැමිණි අයුරු අපට මතක ඇත.ඒ යුධ සමයේ ජීවිත තර්ජන මැද්දේ වුව ඔහු ගේ ශරීරය සහ මනස සම්බන්ධව ඇති ක්‍රීඩා පිටිය හැර යාමට ඔහු තුළ තිබූ නොකැමැත්ත පැහැදිළි කරන්නකි.ඉතිං එවැනි ලැදියාවක් ඇති අයෙකු ලෙස ජෑන්ස් දෙස ද,වෙනස් කෝනයකින් දැක හමුදාවේ ක්‍රීඩාව පිලිබදව අලුතින් ගමණක් විවර කර තව තවත් සිවිල් වැසියනගේ සහය ඒ කරා ආකර්ශණය කර ගැනිමට පදනම මෙම ජයග්‍රහණයත් සමග හමුදාපතිවරයා විසින් දමනු ඇතැයි අප විශ්වාස කරමු.
www.supirikrida.com
No comments:
Post a Comment