අවසාන තරගය ඇරඹි විනාඩි තුනක් ගත වෙත්ම නේපාල ක්‍රීඩිකා දීපා අධිකාරී ක්‍රියාත්මක වූ අතර ඒ අනුව තරගයේ පළමු විනාඩි තුන ගෙවෙද්දිම නේපාලට ගෝල 1 - 0 ක් ලෙස ඉදිරියට පැමිණියා.නමුත් ඉන් ඇති වූ බලපෑම පසෙකට කරමින් ඉන්දීය කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩිකා සුප්‍රියා චෞද්රි ක්‍රියාත්මක වෙමින් මෙම තරගාවලියේ ඇය රැස් කළ ප්‍රථම ගෝලය ඉන්දියාවට ලබා දෙන අතර අටවන මිනිත්තුවේ වාර්තා වූ එම ගෝලයෙන් පසුව දෙපිළෙන්ම ගෝල වාර්තා නොවී පළමු අර්ධය ගෙවී ගියා.
දෙවන අර්ධයේදී ඉන්දීය නායිකා බෙම්බා දේවි විසින් 66 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ අතර තරගය නිමා වන්නට විනාඩි කිහිපයක් තිබියදී 83 වන මිනිත්තුවේදී කමලා දේවී ඉන්දියාව වෙනුවෙන් තෙවන ගෝලය රැස් කර දුන්නා.
www.supirikrida.com
No comments:
Post a Comment