Sep 18, 2012

සහය දිවීමේ සූරතා ජෝෂප් වාස් සහ වලල දිනා ගනිති

පාසල් මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සහය ඇතිව පවත්වන්නට යෙදුණ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීරණයේ පැවත් වූ මෙවර සහය දිවීමේ සූරතාවලියේ පිරිමි සූරතාවය වෙන්නප්පුව ජෝෂප්වාස් විද්‍යාලය විසින් දිනා ගන්නට යෙදුණ අතර බාලිකා සූරතාවය වලල ඒ රත්නායක ක්‍රීඩා පාසල විසින් දිනා ගත්තේය.පිරිමි අනු සූරතාවය මීගමුව මාරිස්ටෙල්ලා  විද්‍යාලය දිනා ගත් අතර තෙවන ස්ථානය හිමි වූයේ වලල ඒ රත්නායක විද්‍යාලයට ය.බාලිකා අනු සූරතාවය කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකාවට හිමි වූ අතර තෙවන ස්ථානය රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයට හිමි විය.
දින තුනක් පුරා දියත් වූ තරගාවලියේ දී නව තරග වාර්තා 24 ක් බිහි වීම කැපී පෙණුන සිදු වීමක් විය.මෑත කාලයේ මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට පාසල් මෙන්ම නව පාසල් කිහිපයක නැගී සිටීම ද මෙවර දැන ගන්නට ලැබුණු අතර කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය මෙන්ම කලෙකට පසුව කුරුණාගල මලියදේව පිරිමි පාසල ද ඇතැම් ඉසව් වල වාර්තාගත දස්කම් පෙන්වීම කැපී පෙණින.
www.supirikrida.com

No comments: