Sep 17, 2012

මෙල්වානි සූරිය රොහාන් සූරයා රොහාන් උදයටත් සූරතා දෙකක්


2012_03_21_10695.tif2012_03_20_10499.tif ශොක් මෙල්වානි මේස පන්දු තරගාවලියේ මේ වසරේ සූරයා වීමට රොහාන් සිරිසේන සමත් වූ අතර කාන්තා සූරතාවය දිනා ගැනීමට ඉෂාරා මධුරංගි සමත් වුණා.මේ අතර තරගාවලියට ඇතුළත් ව තිබූ වයස් ඛාණ්ඩ තරග වලදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ අවුරුදු 15 න් පහළ සහ 18 න් පහළ බාලක  සූරතා ද්විත්වයම දිනා ගනිමින් කැපී පෙණුනා.
අවුරුදු 18 න් පහළ බාලිකා සූරතාවය ප්‍රවීනා සිල්වා දිනා ගත් අතර අවුරුදු 15 න් බාලිකා සූරතාවයේ හිමිකාරිණිය වූයේ මුතුමාලි ප්‍රියදර්ශණි යි.ඇය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ සිසුවියකි.ප්‍රවීනා මහනුවර උසස් බාලිකාවේ ඉගෙනුම ලබන්නීය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ පීඩීයූ තෙන්නකෝන් අවුරුදු 12 න් පහළ බාලක සූරතාවයට හිමිකම් කියද්දී එහි බාලිකා සූරිය වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එස්එච්එස් ඉමාෂා යි.නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන අවුරුදු 10 න් පහළ බාලක සූරතාවය දිනා ගත් අතර එම වයස් ඛාණ්ඩයේ සිගිති සූරිය වූයේ අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලයේ දිල්මි කොළඹගේ යි.

ප්‍රවීන පිරිමි සූරතාවය දිනා ගැනීමට හිටපු ජාතික සූරයෙකු වන ලලිත් ප්‍රියන්ත සමත් වූ අතර ප්‍රවීන කාන්තා සූරතාවය හිමි කර ගැනීමට තමාරා හේවගේ ට හැකි වුණා.වැඩිහිටි ක්‍රීඩකයන් අතර තරගයේ සූරයා වන්නට ඒඑස්බී රදැල්ල සමත් වුණා.
www.supirikrida.com


No comments: