පළමු වසරේ සිට පහ වසර දක්වා වන දරුවන්ට විවාත මෙම තරගාවලියට වයස 7 න් පහළ මීටර් 50 සහ ටෙනිස් බෝල වීසි කිරීමේ ඉසව් ඇතුළත් වන අතර අවුරුදු 9 න පහළ මීටර් 40 සහ 60 ධාවන තරග සහ සිග් සැග් ධාවන තරග ද හිටි පිම්ම ඉසව් ඇතුළත් වේ.අවුරුදු 11 න් පහළ දරු දැරියනට මිටර් 60 ,හෙල්ල වීසි කිරීම සහ දුර පැනීම ඇතුළත් වේ.තරගාවලියේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උප සභාපතිවරයෙකු වු සහ වර්ථමානයේ විධායක කමිටු සාමාජිකයෙකු වූ සුනිමල් රූපසිංහ අතින් සිදුවන අතර තරගාවලියට ඇතුළත් වීමට කැමති දූ දරුවන් සැප්තැම්බර් 22 දා තරගාවලිය ආරම්භ වීමට නියමිත පෙ.ව.9.00 ට පෙර ක්‍රීඩාංගණයට පැමිණිය යුතුය.
www.supirikrida.com
No comments:
Post a Comment