Sep 11, 2012

ඇෆ්ගනිස්තානයට ප්‍රථම ජය - ජමුනා ගෙන් යළිත් ගෝල ත්‍රිත්වයක්


ෆ්ගනිස්තානය ජාත්‍යන්තර කාන්තා පාපන්දු පිටියේ ලත් ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරමින් පකිස්තානයට එරෙහිව ගෝල 4 - 0 ක් ජයක් වාර්තා කිරීමට කොළඹ සීආර්ඇන්ඩ්එෆ්සී පිටියේ ක්‍රියාත්මක දකුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලියේදී ඊයේ සමත් වුණා.එසේම තරගාවලියේ අති විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටින බංගලාදේශ පාපන්දු නායිකා ජමුනා ගුරුන්ග් ඊයේ යළිත් මාල දිවයිනට එහෙිව ගෝල ත්‍රිත්වයක් ලබමින් තරගාවලියේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිමින් මාල දිවයිනට එරෙහිව ගෝල 5 - 0 ක ජයක් ලබන්නට මූලිකත්වය ගෙන කටයුතු කළා.
ජමුනා
නේපාලයේ සියළු ක්‍රීඩා සළකා පිරිනමන වසරේ ක්‍රීඩිකාව ලෙස තේරී පත් වී සිටින ජමුනා සිය ප්‍රථම තරගයේදී ද ගෝල ත්‍රිත්වයක් ලැබීමට සමත් වූ අතර ඇය සිය අන්තර්ජාතික පාපන්දු ජීවිතයේ ලත් සිව්වන ගෝල ත්‍රිත්වය ලෙස මෙම ගෝල ත්‍රිත්වය ලබා ගැනීම සදහන් කළ හැකියි.ඇයගේ මෙම සිව්වන අන්තර් ජාතික ගෝල ත්‍රිත්වය ලබා ගැනීමත් සමග බේපාල කාලතුවක්කු පොලිස් හමුදාවේ නියෝජ්‍ය අධිකාරී ප්‍රේම් කුමාර් ශ්‍රේස්ත්‍රා ඇයට USD 55 ත්‍යාග මුදලක් පිරිනැමීමට ඉදිරිපත් වීම කැපී පෙණුනා.
ඇෆ්ගනිස්තානය සිය ප්‍රථම ජය වාර්තා කිරීමෙන් ඉනික්බිතිව හෙට ප්‍රබල නේපාලය මුණ ගැසීමට නියමිත අතර ඔවුන් හා සම තත්ත්වයේ සිටින මාල දිවයිනට හමුවන්නේ පකිස්තානය බැවින් තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසීමට හැකි වේදැයි සැක සහිතයි.මේ අතර අද පැවත්වෙන ශ්‍රී ලංකා බංගලාදේශ තරගය තීරණාත්මක වන අතර දක්වා තිබෙන දස්කම් සළකද්දී කණ්ඩායම් දෙකම යම් සමබර තත්ත්වයක පසුවන බැවින් මෙම තරගයේ ජයග්‍රහණය ලැබීමට ශ්‍රි ලංකාවට අවස්ථාව හිමි වුවහොත් ඔවුන්ට නේපාලයට එරෙහිව අවසාන පූර්ව වටයට මුහුණ දීමට හැකියාව හිමි වෙනවා.
www.supirikrida.com

No comments: