මෙවර දකුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලියේ දී සිය ප්‍රථම අන්තර්ජාතික ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව තරග සදහා මුහුණ දීමට සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණින.ශ්‍රී ලංකාව සිය කාණ්ඩයේ තරගයක් පරාජය වී තරග දෙකක් ජය ගෙන අවසන් පූර්ව තරගයේදී නේපාලය හමුවීම සදහා සුදුසුකම් ලබා ගත් අතර,ඇෆ්ගනිස්තානය ඉන්දියාව හමුවේ පරාජය වෙමින් ද,මාල දිවයින සමග තරගය ජය පරාජයෙන් තොරව නිමා කරමින් ද සහ පකිස්තානය පරාජය කරමින් ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව තරගයට මුහුණ දීම සදහා අවස්ථාව සළසා ගත්තේය.
විශේෂයෙන් පකිස්තානය ඊයේ දිනයේදී මාල දිවයින පරාජය කරමින් ගෝල 3 - 0 ක අනපේක්ෂිත ජයක් ලැබීම නිසා ඇෆ්ගනිස්තානයට එම අවස්ථාව හිමි විය.පකිස්තානය ඇෆ්ගනිස්තානයට වඩා වැඩි ගෝල සංඛ්‍යාවකින් පරාජය කිරීමේ වගකීම හිත ඇතිව පිටියට බට මාල දිවයින එම අවශ්‍යයතාවය විසින් ඇති කරන ලද පීඩනයේ ගොදුරක් බවට පත් වෙමින් සිය කණ්ඩායමේ ගෝල ප්‍රමාණය බින්දුවක්ව දැක්වෙද්දී ප්‍රතිවාදීන්ට ඔවුන්ගේ ගෝල සංඛ්‍යාව 3 දක්වා ඉහළ නංවා ගැනීමට අවස්ථාව සළසා දුන්නේය.
එසේම නේපාලය සිය අපරාජිත බව තව දුරටත් ආරක්ෂා කර ගනිමින් ක්‍රියා කළ අතර ඔවුන් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ජය ගත්තේ ගෝල 7 - 1 ක් ලෙසය.
www.supirikrida.com
No comments:
Post a Comment