ලන්ඩනයේ පැවත්වෙන පැරා ඔලිම්පික් උළෙලේ එෆ් 46 උස පැනීම පිරිමි ඉසව්වේ දී ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායමට නායකත්වය දෙන ලාල් ලෙස්ලි කුමාර සිය හොදම දක්ෂතාවය සම කරමින් මීටර් 1.80 ක දස්කමක් පෑමට සමත් වුව ද,එය පදක්කමක් ජයග්‍රහණයක් බවට පත් කර ගැනීමට අපොහොසත් වුණා.ඉතා තියුණු තරගයක් බවට මෙම ඉසව්වේදී නව ලෝක වාර්තාවක් බිහි වූ අතර ප්‍රථම ස්ථානය දිනා ගත් පෝලන්තයේ මැසීජ් ලෙපියාටෝ මීටර් 2.12 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවේ හිමිකරු වෙමින් රන් පදක්කම දිනා ගත්තා.
ක්‍රීඩකයන් තිදෙනෙකුම මෙහිදී මීටර් 2.00 සීමාව ඉක්මවා ගිය අතර,දෙවන ස්ථානය මීටර් 2.04 ක දක්ෂතාවයක් දැක් වූ ජෙෆ් ස්කිබා ඇමෙරිකාවට දුනා දුන් අතර තෙවන ස්ථානය චීනයට දිනා දුන් හොන්ගී චෙන් මීටර් 2.01 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.
ලාල් ට හිමි වූයේ මේ තරගයේදී අටවන තැනයි.ඡායාරූපයේ දැක්වෙන්නේ එම ඉසව්වේ නව ලෝක වාර්තාලාභියා වෙමින් රන් පදක්කම දිනා ගත් මැසීජ් ලෙපියාටෝ යි.
www.supirikrida.com
No comments:
Post a Comment