Sep 15, 2012

ඇෆ්ගනිස්තානය ඉන්දියාවේ ගෝල දුසි‍ම එකකින් මග හරවා ගනියි

තරගාවලියේ ඉහළම ප්‍රගතිය පෙන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම
ශ්‍රී ලංකාවේ පැවත්වෙන දකුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසි ඇෆ්ගනිස්තානයට එරෙහිව ගොල් 11 ක් ලබා ගත් ඉන්දියානු ක්‍රීඩිකාවෝ අපහසුවකින් තොරව අවසාන තරගය සදහා සුදුසුකම් ලබා ගත්හ.එම ගොල් 11 ලබන අතරේ ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක්වත් ලබා ගැනීමට ඉන්දියානු ක්‍රීඩිකාවන් අවසර ලබා නොදීමද කැපී පෙණින.මේ අතර පළමු වරට අවසන් පූර්ව තරගයට පිවිසි මෙම තරගාවලියේ ඉහළම ප්‍රගතිය පෙන් වූ කණ්ඩායම බවට පත්ව සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රබල නේපාලය ඉදිරියේ සිය පරාජයේ වර්ගපලය ගෝල 3 - 0 දක්වා පාලනය කර ගන්නට සමත් වීම ද කැපී පෙණින.
ඇෆ්ගනිස්තානයට එරෙහිව ඉන්දියාව ලබා ගත් ගෝල 11 න් ගොල් 3 බැගින් වාර්තා කිරීමට කමලා දේවී සහ බොම්බෙම් දේවි සමත් විය.සස්මිතා මලික් ගෝල දෙකක් රැස් කළ අතර ප්‍රමේෂ්වරී දේවී,රොමිදේවි අශේම් සහ පින්කි බොම්පාල් ගෝලය බැගින් රැස් කළහ.ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වූ නේපාල ගොල් තුනෙන් දෙකක්ම දීපා අදිකාරි විසින් වාර්තා කළ අතර ඉතිරි ගෝලය වාර්තා කරනු ලැබුවේ අනු ලාමා විසිනි.
www.supirikrida.com


No comments: