Sep 15, 2012

සහය දිවීමේ තරගාවලියේ පළමු දිනයේ නව වාර්තා තුනක්

පාසල් මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරන සහය දිවීමේ තරගාවලියේ ප්‍රථම දිනය නිමාවට පත් වූයේ නව වාර්තා තුනකට ඉඩ - කඩ විවෘත කරමින්ය.ඉන් වාර්තා දෙකකම හිමිකාරීත්වය වලල ඒ රත්නායක විද්‍යාලය විසින් හිමි කර ගැනීම කැපී පෙණින.ඉතිරි වාර්තාවට හිමි කම් කීවේ මෙම තරගාවලිය හරහා ලාංකේය මලල ක්‍රීඩාවේ අලුත්ම අභියෝගය බවට අනන්‍යතාවය ගොඩ නගා ගනිමින් සිටින කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය විසිනි.
වලල රත්නායකය බාලිකා අවුරුදු 18 න් පහළ මීටර් 4 x 800 ඉසව්වේදී සහ අවුරුදු 20 න් පහළ බාලක මීටර් 4 x  1500  ඉසව්වේදී නව වාර්තා පිහිටවීමට සමත් වූහ.බාලක අවුරුදු අවුරුදු 16 න් පහළ මීටර් 4 x  800 ඉසව්වේ නව උළෙල වාර්තාව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට හිමිවිය.ප්‍රථම දිනයේ පැවති ඉසව් අටෙන් හයකම ජය වලල ඒ රත්නායකයට හිමි වීම කැපී පෙණුනු අතර රත්නපුර සුමනා බාලිකා විද්‍යාලය සහ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය ඉතිරි ඉසව් දෙක ජය ගැනිමට සමත් විය.
www.supirikrida.com

No comments: