සිය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල මෙන්ම 55,000 ක් වන සියළුම සේවක සේවිකාවන්ගේ ආශිර්වාදයත් සමග ක්‍රිකට් කණ්ඩායමට පිරිනැමෙන මෙම ඇදුම ජගත් ඇගළුම් කේෂත්‍රයේ නවීන ශිල්පීය ක්‍රම වලට අනුව සියළු දේ සිදු වී නිෂ්පාදනය කළ ඇදුමක් බව හෙතෙම වැඩි දුරටත් අවධාරණය කළේය.
ප්‍රංශය බ්‍රිතාන්‍ය රගර් කණ්ඩායම් ද තවත් ලෝකයේ විවිධ ක්‍රීඩාවන් හී යෙදෙන සුපිරිතමයන් ද,විශේෂයෙන් ජාත්‍යන්තර පිහිණුම් ක්‍රීඩකයන් සැරසෙන ස්පීඩෝ එෆ් 1ඇදුම ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩා ඇදුම් විශාල ලෙස ලෝකයට නිර්මාණය වන්නේ ලංකාවේ MAS ඇගළුම් කර්මානත්ශාලා තුළ දී බව ද හෙතෙම පැහැදිළි කළේය.
එසේම ඩයන් ගෝමස් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමට යද්දී ඒ මට්ටමේ සිටින ක්‍රීඩකයන් හා සම විය හැකි මට්ටමෙන් භාහිර පහසුකම් සම්පාදනය කර දිය හැකිනම් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ලෝකය ජය ගත හැකි මට්ටමේ සිටින බවය.තම ආයතනය ඒ බව තේරුම් ගෙන සිටින අතර ක්‍රිකට්,බොක්සිං පමණක් නොව ක්‍රීඩා 21 ක මේ රට නියෝජනය කළ සහ කරන ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 ට අධික පිරිසකට සිය ආයතනය රැකියා අවස්ථා ලබා දෙමින් මේ රටේ ක්‍රීඩා අනාගතය සුරකින්නට කටයුතු කර තිබෙන බව පැහැදිළි කළේය
මෙම අවස්ථාවට එක්වෙමින් MAS සමූහයේ සභාපති මහේෂ් අමලියන්,MAS ඇක්ටිව් කළමණාකාර අධ්‍යක්ෂ ෂිරෙන්ද්‍ර ලෝරන්ස්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති උපාලි ධර්මදාස,ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු පිරිසක් මෙම ඇදුම් අනුග්‍රහයේ ඇති වටිනාකම සහ අවශ්‍යයතාවය පැහැදිළි කරමින් කරුණු දක්වන්නට යෙදුන අතර ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල 20 - 20 ලෝක කුසලානයට තරග වදින ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව නිල ඇදුමෙන් සැරසී මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියහ.
www.supirikrida.com
No comments:
Post a Comment