අවුරුදු 12 න් පහළ සහ අවුරුදු 15 න් පහළ බාලක සූරතා දිනාගත් කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලිත්මිණ මහානාම තරගාවලියේ හොදම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර වයස් ඛාණ්ඩ 5ක් යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වුණා.අවුරුදු 8 න් පහළ බාලක සූරතාවය වරාපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ කුමුදිත ලක්ෂාන් දිනා ගත් අතර එහි බාලිකා සූරිය වූයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සන්සදී රුවන්පුර යි.අවුරුදු 10 න් පහළ බාලක සූරයා ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන ඇගයීමට ලක් වූ අතර එම වයස් ඛාණ්ඩයේ සූරිය ලෙස ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ උරිෂි පෙරේරා සම්මානනීය වුණා.
අවුරුදු 12 න් පහළ සහ 15 න් පහළ සූරයා ලෙස ගෞරවයට පාතු වූයේ ලිත්මිණ මහානාම වන අතර එම වයස් ඛාණ්ඩ වල සූරිය වූයේ හංසනී පියුමිලා කපුගීකියනගේ යි.අවුරුදු 18 න් පහළ ජයග්‍රාහකයා ලෙස කොලඹ රාජකීය විද්‍යාලයේ රසීඩ් අසීස් තේරී පත් වූ අතර ක්‍රීඩිකාව ලෙස හැකියාවන් ප්‍රදර්ශනය කළේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දු යි.විවෘත පිරිමි සූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදාවේ වයිඑස් ජයකොඩි දිනා ගත් අතර පිරිමි යුගල සූරතාවය යක්කල අනුර විද්‍යාලයේ සුරේෂ් පුෂ්පකුමාර සහ චැම්පියන් මේස පන්දු ක්‍රීඩා සමාජයේ තිවංක තික්ෂණ එක් ව දිනා ගත්හ.
www.supirikrida.com
No comments:
Post a Comment