ලෝක කුසලාන වොලිබෝල් තරගාවලිය 2013 සදහා මධ්‍යම ආසියාව නියෝජනය කරන සුදුස්සන් කවරේද යන්න තීරණය කරන තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සදහා වන විශේෂ තේරීම් පරික්ෂණයක් මැයි 6 වන දා පෙ.ව 9.00 ට කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ (ටොරිංටන්) ක්‍රීඩා පිටියේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.වොලිබෝල් සම්මේලනය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ගෙවුණු දැයට කිරුළ සහ ජනාධිපති රන් කුසලාන තරගාවලි වල දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා ගැනීමට හැකි වන සේ මෙම තේරීම් තරග පැවත්වීමට තීරණය කළ බවය.
www.supirikrida.com
No comments:
Post a Comment