චීනය සමග පැවති තරගයේදී ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩිකා තිළිණි ප්රමොදිකා හෙන්දහේවා ලකුණු 21 - 11 සහ 21 - 11 ලෙස චීනයේ යූ ෂෙන්ග් අතින් පරාජය වුව ද අද ඇයගේ ප්‍රතිවාදිය වන එංගලන්තයේ ක්ලෝ බ්ර්ච් ට වඩා ඉදිරියෙන් සිටින බැවින් තිළිණිට අද තරගය ජය ගැනීමට වැඩි අවස්ථාවක් ඇති බව සිතිය හැකිය.එසේම තරගාවලියට සහභාගි වන විශාලතම ප්‍රමාණයෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවීමේ නිශ්පල වෑයමෙන් වැළකී සාර්ථක කණ්ඩායමක් සහභාගි කර වූයේ නම් පිරිමි යුගල තරගය වෙනුවෙන් සචින් ඩයස් සහ බුවනෙක යොදවා ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැහැදිළිව පෙනෙන්නට ඇති අතර එවැනි ඉදිරියට පැමිණීමේ උවමනාවක් තිබුණේ නම් කාන්තා යුගල තරග සදහා ෂුස්මිතා සහ තිළිණි යෙදවීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකා කණ්ඩායමට තිබිණ.
නමුත් ජපානය බලා යන්නට මුදල් ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොන්නක් පිටත් කර හැරියේ නියම දක්ෂයන් පිරිසක් ලංකාවේ ඉතිරි කර තබා වන අතර කණිෂ්ඨ බාලිකා යුගල තරගාවලියේදී තිළිණි සමග යුගල තරගය ජය ගනිමින් සහ එම වයස් කාණ්ඩයේ අනු සූරිය ද වූ ඉල්මි වරංගනා ද ඒ කපා දැමූ ලේඛණයේ උන්නාය.
www.supirikrida.com
3 comments:
This is not sachin Dias's photo. plz check and change this photo quickly.
this is not sachin's photo.. please chek and change this quickly...
සමාවෙන්න,මාධ්‍යයකට වැරදි කිරීමට අවසරයක් නැත.නමුත් මාධ්‍ය යනු වැරදි සිදුවිය හැකි මිනිසුන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන දෙයක් බැවින් සිදුවිය හැකි වැරදි අවම කර ගැනීමට මුල් තැන දී කටයුතු කිරීමට සිදුවේ.එසේම වරදක් වූ විට එය හැකි ඉක්මණින් නිවැරදි කිරීම වගකීම සහ යුතුකම වන බැවින් සුලාජ් රශ්මික විසින් යොමු කරන ලද සචින්ගේ පිංතූරයක් එම ප්‍රවෘත්තියට ඇතුළත් කරමි.කෙසේ හෝ අප සචින්ගේ ජයග්‍රහනය අගය කරමින් පළමු වරට පළකිරීම සදහා එම තරගාවලිය සම්බන්ධයෙන් අවධානයෙන් සිටියෙමු.
Post a Comment