සිව්වන වරටත් සංවිධානය වන වෙද - නීති මහා ක්‍රිකට් ගැටුම
අද කෝල්ට්ස් පිටියේදී පැවත්වීමට නියමිතය.පැවත් වූ අවස්ථා තුනේදීම බිනර ගුණසේකර ගේ
සහ මාලික ගුණසේකරගේ නායකත්වයෙන් ජය ගෙන සිටින නීතිඥ කණ්ඩායමේ ජයග්‍රාහී ගමන
සුරැකීමේ වගකීම සමග මෙවර සුක්කානම පැවරී ඇත්තේ අසේල පටබැදිට ය.2007 ජගත් නීතිඥ
කුසලාන මංගල ක්‍රිකට් සූරතාවලියේ දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ අසේල ගේ උප
නායකයා ලෙස කටයුතු කරන්නේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන මනේෂ් වෑවිටය.
වෛද්‍යවරුන්ගේ කණ්ඩායම වෙනුවෙන් ඉකුත් වසරේද කැපී පෙණුන
දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු වූ රජීව් නිර්මාලසිංහම් මෙවර නායකයා ලෙස තරග පිටියට
පිවිසෙන අතර මෙවර දෙපිළම නියෝජනය සදහා අලුත් මුහුණු කිහිපයක් සූදානමින් සිටින බව
සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
www.supirikrida.com
No comments:
Post a Comment