ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවැන්න හෙට චොන්බුරි හී දී ඇරඹීමට සියල්ල සූදානමින් පවතින්නේය.ඊයේ පැය පහක් ඉක්ම වූ ගමණකින් පසුව කාන්චනබුරි හී සිට චොන්බුරි දක්වා පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ක්‍රිස්ටීන් මෙරිල් වෙන් වී යළි ඇමෙරිකාව බලා ගිය අතර ඒ නිසා චොන්බුරි තරගයට ඇය සහභාගි වන්නේ නැත.ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියල්ලම ගමන් වෙහෙස මෙන්ම සම්භාහන ගැටළුව නිසා දැඩි අපහසුවකට පත් වී සිටින අතර වෙනත් රටක සම්බාහකයෙකුගෙන් ඉල්ලීමක් කළහොත් එයින් රටේ කීර්තියට හානියක් වේ යැයි යන බිය නිසා එසේ ඉල්ලීමට හැකියාවක් ද ඔවුන් සතුව නැත.
සියළුම රටවල ක්‍රිඩකයන් ඊයේ ගමන්වෙහෙසෙන් දැඩි අපහසුවට පත් වී සිටි අතර පෙරේදා තරගකිරිම නිසා මෙන්ම ඊයේ ගමන නිසා ද අපහසුවෙන් සිටි එම ක්‍රීඩකයන්ගේ මංශ පේශී යථා තත්ත්වයට පත් කරන්නට එම කණ්ඩායම් හා පැමිණ සිටි සම්භාහකයන් විශාල වෙහෙසක් දරනු දැකිය හැකි විය.
තායිලන්තයේ සිට නිශ්මං රණසිංහ
www.supirikrida.com
No comments:
Post a Comment