ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද
අලුත්ගමගේ,වැඩ බලන ජනමාධය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ
ලේකම් උදය සෙනවිරත්න සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ඩබ්පීබී ගනේගල,රජයේ ප්‍රවෘත්ති
අධ්‍යක්ෂ ආරියරත්න ඇතුගල මෙන්ම මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් දයා රත්නායක,ලේකම්
රියාල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු යන අය ඇතුළු ක්‍රීඩා සහ ජනමාධ්‍ය කේෂ්ත්‍රයට
සම්බන්ධ වගකිව යුතු නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ
දී ක්‍රීඩා අමාත්‍යවරයා,ප්‍රවෘත්ති අමාත්‍යවරයා මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා
ද මාධ්‍යයෙන් රටේ කීර්ති නාමය ගොඩ නැගීම පිණිස මෙම ක්‍රීඩා උළෙලේ ඉදිරි කටයුතු
කරගෙන යාමට දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලීම් කළහ.
ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස
මෙම තරගාවලියේදී ඉසව්වකට තිදෙනෙක් සහභාගි කරන බව ප්‍රකාශ වූ අතර ඒ අනුව ශ්‍රී
ලංකාවෙන් මලල ක්‍රීඩකයන් 59 ක් සහ ක්‍රීඩිකාවන් 52 ක් සහභාගි වීමට නියමිත බව ප්‍රකාශ
විය.දේශිය ශක්තිජනක සහ ශරීරයට අහිතකර තත්ත්වයන් ඇති නොකරන ආහාර පිළිබදව ද මෙම
තරගාවලියේදී විදේශ ආකර්ශණය දිනා ගැනීම
පිණිස වැඩ පිළිවෙළක් සකස් කර තිබෙන බව මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල්
දයා රත්නායක ප්‍රකාශ කළ අතර ලේකම් ෂෙමාල් ප්‍රනානදු පෙන්වා දුන්නේ තරග කාල සටහන
ජාත්‍යන්තර තත්ත්වයන් සැළකිල්ලට ගෙන සකස් කර තිබෙන බවය.ඒ නිසා යම් වෙනස්වීමක්
වන්නේ නම් කළමණාකරුවන්ගේ හමුවේදී කෙරෙන ඉල්ලීම් මත සෙසු රටවල් වල කැමැත්ත අකමැත්ත
පිලීබදවද සැළකිල්ල යොමු කර තාක්ෂනික කමිටුවේ අනුමැතියෙන් එය සිදුවනු ඇතැයි ප්‍රකාශ
කළේය.
දැනටමත් ක්‍රීඩා උළෙල
නියෝජනය පිණිස රටවල් 36 ක කැමැත්ත ප්‍රකාශ වී ඇති බව පෙන්වා දුන් ක්‍රීඩා අමාත්‍යවරයා
ඒ අනුව සහභාගි වන 859 ක් සදහා මේ වන විට හෝටල් කාමර 550 ක් පමණ වෙන් කර තිබෙන බව ද
පැවසීය.ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය ද,ලංකා බැංකුවද නෙස්ට්ලේ ආයතනය ද
දැන්ටමත් මේ වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙන බව පැවසූ ක්‍රීඩා
අමාත්‍යවරයා මහජන බැංකුව ඇතුළු තවත් ආයතන ගණනාවක් ද මීට දායකත්වය දක්වනු ඇති බව ට
බලාපොරොත්තු පළ කළේය.
No comments:
Post a Comment