ආසියානු ග්‍රොන්ප්‍රී
තරගාවලියේ තෙවැන්න අද තායිලන්තයේ චොන්බුරි හි ශාරීරික අධ්‍යාපන විද්‍යා පීඨයට අයත්
ක්‍රීඩා පිටියේදී පැවත්වෙන අතර එම තරග බිමේදී තම උපරිම දක්ෂතා අතරට ඒමට සුළග
බාධාවක් වේ යැයි යන සැකයෙන් ආසියාතික සූර සූරියන් කණස්සල්ලෙන් පසුවෙති.පසුගිය තරග
දෙකේදී ද සිය උපරිමයට පැමිණීමට බොහෝ දෙනෙක්ට නොහැකි වූ අතර ඒ තරග දෙකේ අත්දැකීම්
සහ සහයෝගය අනුව මෙම තරගයේදී දක්ෂතා අතරට ඒමට බලාපොරොත්තුව සිටි සියලු දෙනාට මෙම
සුළග ගැටළුවක් වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම හොද මානසික
මට්ටමක සිටින බවක් දැකිය නොහැකි අතර ඔවුන් සිය මාංශ පේශී තරගයට උචිත අයුරෙන් විද්‍යානුකූලව
සකසා ගැනීමට සම්භාහකයෙකු නොමැති වීමෙන් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටිති.මේ
තත්ත්වය දෙවන තරගයේදී ද දකින්නට ලැබුණු අතර ඒ තත්ත්වය ලැබූ ජයග්‍රහණයන් ආරක්ෂා කර
ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීමට විශාල වශයෙන් හේතු විය.උපරිමයට පැමිණිමට මෙන්ම
ආබාධිත තත්ත්වයන් ඇති නොවීමට ද සම්භාහක අවශ්‍යයතාවය සෑහෙන දුරට බලපාන ගැටළුවක්
වුවත් ක්‍රීඩා අමාත්‍යංශයේ මලල ක්‍රීඩා විශය ප්‍රධානින් මේ තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාට
දැනුම් දුන් බවක් පෙනෙන්නට නැති අතර ඉදිරයේදී අමාත්‍යවරයා සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ
ප්‍රධානි මහාචාර්‍යය අර්ජුන ද සිල්වා හෝ මැදිහත්ව මෙම ගැටළුව විසදනු ඇතැයි
සුපිරික්‍රීඩා බලාපොරොත්තු වේ.
No comments:
Post a Comment