පළමුව පන්දුවට පහර දුන් වෛද්‍ය කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කළ රජීව් නිර්මාලසිංහම් රැස් කළ ලකුණු 85 හේතුවෙන් පන්දු ඕවර් 40 ක් තුළ ලකුණු 197 ක් දක්වා යන්නට වෛද්‍ය කණ්ඩායමට හැකි විය. එම ලකුණු 85 රජීව් තරගයේ දක්ෂතම පිතිකරු බවට ද පත් කළේය.
නමුත් ප්‍රහාරාත්මක පිතිකරු බල ඇණියක් සහිත ජගත් නීතිඥ ක්‍රිකට් කුසලාන අනු සූරතාවය දිනූ කණ්ඩායමේ සාමාජිකයන් විහාල පිරිසකගේ දායකත්වයෙන් තරග බිමට පිවිසි නීතිඥ කණ්ඩායම පන්දු ඕවර් 35 ක් තුළ ලකුණු 200 ක් රැස් කරමින් තරගය ජය ගැනීමට සමත් වූ අතර තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නීතිඥ කණ්ඩායමේ යොහාන් ජිනසේන සම්මානනීය විය.
www.supirikrida.com
No comments:
Post a Comment