ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් තරග වදින ශ්‍රී ලංකා කණිෂ්ඨ සංචිතයට ලබා දෙන පෝෂණ මල්ලේ අඩුවක් පවතින බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙයි.මේ දක්වා කණිස්ඨ සංචිතයට ලබා දුන් පෝෂණ මල්ල පැවති මලල ක්‍රිඩා සංචිතය විසුරුවා හැරීමෙන් පසු පළමු වරට ලබා දෙද්දී මොසේ වීම පිළිබදව ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් සිය කණස්සල්ල පළ කළහ.මලල ක්‍රීඩා අතුරු කමිටුව පිළිබදව අප්‍රසාදය පළකිරීමට මෙසේ නොපවසන බව පැවසූ එම පිරිස් කාගේ නොමග යැවීමක් නිසා මෙසේ වන්නට ඇතැයි සැක පහළ කරන බව පැවසීය.
මේ දක්වා අතුරු පාළක කමිටුව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගැටළු වලට සංවේදීව සවන් දීම පිළිබදව සිය ප්‍රසාදය පළ කරන ඔව්හූ මෙම පෝෂණ ගැටළුවද ඉතා ඉක්මණින් විසදීමට අතුරු කමිටුවේ මැදිහත් වීම සිදුවනු ඇතැයි සිය විශ්වාසය පළ කළේය.
www.supirikrida.com
No comments:
Post a Comment