May 2, 2012

ෂැනල් සහ ශෂී ගැටුමෙන් යළිත් ෂැනල් ට ජය


ටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක තරගාවලිය මේ වන විට කොදෙව් කණ්ඩායමේ ෂැනල් ඩැලේ ගේ ශ්‍රී ලංකාවේ ශෂිකලා සිරිවර්ධන ගේ ද්වන්ධ සටනක් බවට පත්ව ඇති අතර එහි තවත් පියවරක් වූ කණ්ඩායම් දෙක අතර පළමු 20 / 20 තරගයෙන්ද ෂැනල් ජය ගත්තාය.කාසියේ වාසියෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට පිවිසි කොදෙව් ක්‍රීඩිකාවන් සිය පන්දු ඕවර් 20 කඩුලු 7 ලකුණු 127 ක් ලබා නිමා කළේය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂැනල් ඩැලේ ලකුණු 48 ක් ලැබූ අතර ඒ සදහා ඇයට ගත වූයේ පන්දු 28 ක් පමණි.පන්දු ඕවර් 4ක් තුළ ඩිටෙන්ද්‍රා ඩොටින් සමග ලකුනු 39 ක සබදතාවයක් තෙවන කඩුල්ලට පැවත්වීම කොදෙව් ඉණිමේ අඩිතාලම වූ අතර ඩොටින් පන්දු 25 දී ලකුණු 30 ක් ලබා ගත්තාය.පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන ලකුණු 24 ට කඩුලු 2 ක් දවා ගත් අතර චාමිනි සෙනවිරත්න ලකුනු 22 / 1,චන්දිමා ගුණරත්න 20/ 1,ශ්‍රී පාලි වීරක්කොඩි 25/1 සහ සදමාලි දොලවත්ත 27/1 ලෙස පන්දු යැවීමෙන් කැපී පෙණින.
පිලිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නුහුරු කළබලයකින් ක්‍රියා කරන්නට වූ අතර එහි ප්‍රතිපලය වූයේ එක ලකුණු අහිමි වීම සහ සෑම විටම ලබා ගන්නා ලකුණු ප්‍රමාණයට වැඩි පන්දු ප්‍රමාණයක් වැය කරන්නට සිදු විමය.ප්‍රසාදිනී වීරක්කොඩි ආරම්භක පිතිකාරිනිය ලෙස ලකුනු 29 ක් ලැබූවත් ඇය ඒ සදහා පන්දු 41 ක් වැය කළ අතර පිතිකරණයේදී ද හුදෙකලා සටනක නිරත වූ ශෂිකලා සිරිවර්ධන පන්දු 24 ක් තුල ලකුණු 33ක් ලබා නොදැවි සිටියාය.හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ එම ඉණිමට සහය දෙන්නට කිසිවෙකු නොසිටි අතර කොදෙව් 20/20 කණ්ඩායමට නායකත්වය දෙන ස්ටෙෆ්නි ටේලර් 19/2 සහ අනීෂා මොහොමඩ් 20/2 පන්දු යවන්නියන් ප්‍රමුඛ කොදෙව් පන්දු බල ඇණිය ශ්‍රී ලංකා ඉණිම ලකුණු 104 ක් ව තිබිය දී නවතා දමනු ලැබුවේ කඩුලු 8 ක් ද පන්දු ඕවර් 20 තුළ ශ්‍රී ලංකාවට අහිමි කරමින් ය.
ජායාරූයේ දැක්වෙන්නේ කොදෙව් ඉණිම ගොඩ නැගූ ඩොටින් සහ ෂැනල් ය.

No comments: