May 1, 2012

ශ්‍රී ලංකා කණිෂ්ඨ මේස පන්දු කණ්ඩායම තායිලන්තයට


ශ්‍රී ලංකා කණ්ෂ්ඨ මේස පන්දු කණ්ඩායම තායිලන්ත කණිෂ්ඨ සහ කැඩේට් විවෘත මේස පන්දු තරගාවලිය නියෝජනය කිරීම පිණිස ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.තායිලන්තයේ පතායා හී දී  මැයි 05 වන දා සිට මැයි නව වන දා දක්වා මෙම තරගාවලිය පැවත්වේ
කණ්ඩායමට ප්‍රධාන පුහුනුකරු සහ කළමණාකරු ලෙස ඩබ්ඒ බුද්ධසිරි එක් වන අතර අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ පුහුනුකාරීත්වය දරන්නේ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම මේස පන්දු ක්‍රීඩිකාවක හැටියට ගැනෙන නාමල් ගුණසේකර ය.අවුරුදු 12 න් පහළ පුහුනුකරු තණතුර තුෂාර සම්පත් ට හිමි වී ඇති අතර කාන්තා නිලධාරිණ්ය ලෙස කණ්ඩායමට එක් වන්නේ එම්ඒආර් පතිරණ ය.

බාලිකා කණ්ඩායම
චන්දිමා මධුශානි - මහනුවර මහමායා බාලිකා විදුහල,කසුනි පිටිගල -ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහල,අවින්දි  නිසංසලා -අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල,මුතුමාලි ප්‍රියදර්ශණී -අම්බලන්ගොඩ දේවානන්ද විදුහල,පවනි සිරිසේන කුරුණෑගල මලියදේව බාලිකා විදුහල,ප්‍රවීනා සිල්වා -මහනුවර උසස් බාලිකා විදුහල,හංසනි පියුමිලා -නුගේගොඩ අනුලා විදුහල.ඉමාෂා ද සිල්වා - අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල,රෝෂිණි ධනාකා -කුරුණෑගල ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය
 බාලක කණ්ඩායම
නුවන් ජයසුන්දර - කුරුණැගල මලියදේව විදුහල,සුපුන් සිරිසේන - කුරුණැගල මලියදේව විදුහල,ප්‍රබෝධන රොද්‍රිගෝ- මහනුවර ශාන්ත අන්තෝනි විදුහල,චින්තක ඒකනායක-මහනුවර විද්‍යාර්ථ විදුහල,ෂෙහාන් ශානක- අම්බලන්ගොඩ දේවානන්ද විදුහල,චමිදු තෙන්නකෝන් මහනුවර ධර්මරාජ විදුහල,පීබීයූ තෙන්නකෝන් මහනුවර ධර්මරාජ විදුහල,         ලිත්මිණ මහානාම-කොළඹ වෙස්ලි විදුහල,චතුර ගුණසේකර- මහනුවර සසෙක්ස් විදුහල



No comments: