තමන් මලල ක්‍රීඩා සම්මේලනයේ ක්‍රියා කරද්දී නිකංම නිකං
රත්නායක විතරක් බවත්, සිය නිළයට අදාළ හමුදා නිලධාරියා ලෙස කටයුතු කිරීම තමාගේ
පිළිවෙත නොවන බවත් මලල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් වූ යුධ හමුදා මාණ්ඩලික
ප්‍රධානී දයා රත්නායක පැවසීය.සභාපති ධූරය සම්බන්ධයෙන් තරගයක් නොපැවති අතර විශාලම
තරගය පැවති උප සභාපති ධූරයට 14 දෙනෙක් තරග වැදී සිටිය අත එම ප්‍රමාණය 10 දෙනෙකු
තෙක් පහළ බැස තිබිණ.භාණ්ඩාගාරික ධූරය සදහා පැවත
තරගය ද තිදෙනා ගේ සිට දෙදෙනා
දක්වා පහළ බැස තිබිණ.
තරගය පැවති ක්‍රීඩා විද්‍යාතන භූමිය දැඩි උණුසුම්
තත්ත්වයක් ගත් අතර ඡන්දය අත ඔසවා භාවාතා කිරීමට එරෙහිව විශාල පිරිසක් විරෝධය පළ
කරන්නට පටන් ගෙන තිබිණ.නමුත් නිලවරණය මෙහෙය වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී
ජයකොඩි ත්‍රීඩා පණතේ විධි විධාන වලට අනුව මෙන්ම නිලවරණයක් මෙහෙයවීමේ දී
අමාත්‍යවරයාට
ලබාදිය හැකි උපදෙස් ඉක්මවා යන්නද කිසිසේත්ම අකමැති වූවාය.මේ හේතුව නිසා ඇති වූ
දැඩි නොසන්සුංකාරී තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සංසිදුන ද,මුල්ම
අවස්ථාවන් හී ඡන්ද විමසීමේ දී වැඩි පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ලේකම්වරයා පත් කිරීමේ දී මේ තත්ත්වය හොදින්ම දක්නට
ලැබුණු අතර එහිදී භාවිතා වූවේ ඡන්ද 85 ක් පමණි.එයින් ඡන්ද 50 ක් ලබා ගත් රියාද්
අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු ලේකම් ධූරයට පත්විය.මලල ක්‍රීඩා පරිපාලනයට ප්‍රවීනයෙකු
වූ ප්‍රේමා පින්නවල එහි දී ලබා ගත්තේ ඡන්ද 35 ක් පමණි.භාණ්ඩාගාරික ධූරය සදහා ප්‍රවීන
මලල ක්‍රීඩකයෙකු වූ තලෙව් අලෙයිලීමා තරග වැදුණු අතර ඔහු ජාතික ක්‍රීඩා උළෙල වල දී
විශාල පදක්කම් ප්‍රමාණයක් ලබා දුන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික් සංගම් තුනම ඔහු
වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකිරීම කණගාටුදායක තත්ත්වයක් විය.කෙසේ වුවත් ඔහු ඡන්ද 48
ක් ලබා ගත් අතර භාන්ඩාගාරික ධුරය චන්දන ඒකනායක ට හිමිවූයේ වැඩි ඡන්ද දෙකකින් ය.
උප ලේකම් ධුරය සදහා තරගයක් නොපැවති අතර ඒ සදහා බර්නාඩ්
පෙරේරාත්,දීර්ඝකාලයක් සටහන්කරු ලෙස සිටි
සමන් කුමාර යළිත් නිතරගයෙන්ම ද එම ධූරවලට පත් වූ අතර උප භාණ්ඩාගාරික ධුරය සදහා
පැවති සටන ඔලිවර් පෙරේරා ජය ගත්තේ ඡන්ද 67 ක් ලබමින් වූ අතර ඔහු හා තරග වැදි එච් ඒ
උපාලි ට ලැබුණේ ඡන්ද 22 ක් පමණි.උප සභාපති ධුරය සදහා පැවති තරගයේදී මලල ක්‍රීඩා
කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක් ට සිය ජීවන ගමන සකස් කළ දුන් සුනිල් ජයවීරයන් එහි කෘතෝපකාරය
ලැබූ අතර මෙම ඡන්ද සටනේ අපේක්ෂකයෙකු ලද වැඩිම ඡන්ද ප්‍රමාණය ලැබූ හෙතෙම ඡන්ද 102
ක් ලැබීය.අජිත් නාරාගල ඡන්ද 82 ක් ද,සුසන්තිකා ජයසිංහ ඡන්ද 71 ක් ද ලබා දෙවන සහ
තෙවන ස්ථාන ලැබූ අතර සිව්වන ස්ථානය ඡන්ද 65 ක් ලැබූ එච් ඩබ් නිමල්සිරිද ඡන්ද 61 ක්
ලැබූ අජිත් අබේසේකර පස්වන තැනද ලැබීය.හයවන තැන හිමි වූයේ ඡන්ද 60 ක් ලැබෟ ටීඑම්
දේවෙන්ද්‍රට ය.
ප්‍රවීන මලල ක්‍රීඩක සුගත් තිලකරත්න ඡන්ද 58 ක් ලැබූ
අතර,උපාලි කුමාසිරි ඡන්ද 38,එන්ඒටී ජයසිංහ ඡන්ද 33 ක් සහ අනිල් වීරසිංහ ඡන්ද 32 ක්
ලැබීය.කෙසේ වුව ද ඡන්දයට පැමිණි විශාල නියෝජිත පිරිසක් පැවසූවේ රහස් ඡන්දයක්
පැවතියේ නම් මීට වඩා ප්‍රතිපලයේ වෙනස්වීම් අපේක්ෂා කිරීමට තිබුණු බවය.ප්‍රසිද්ධියේ
අත ඔසවා ඡන්දය ප්‍රකාශ කිරීමට වීම නිසා තමන් විශ්වාස කරන සුදුස්සා වෙනුවට වෙනත්
බලපෑම් සහ බලවත් චරිත ඉදිරිපිට ඒ කැමැත්ත වෙනස් කර ගැනීමට සිදු වූ බව පැවසූ ඔවුන්
ඡන්දයෙන් ජයගත් පිරිස් ඉදිරියේදී තමන්ට ඡන්දය පාවිච්චි කළ සහ නොකළ ලෙස නොව
දක්ෂතාවයන් ප්‍රමුඛත්වයේ සළකා කටයුතු කරන්නේනම් යහපත් බව පැවසීය.
No comments:
Post a Comment