Apr 6, 2012

කොල්ලන්ට ආසියාවේ තෙවන තැන කෙල්ලන්ට හතරවන තැන


තායිලන්තයේ ට්‍රැට් නගරයේ පැවත්වෙන ආසියානු ජාත්‍යන්තර වොලිබෝල් තරග මාලාව නියෝජනය කළ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහිදී තායිලන්ත කණ්ඩායම පරාජය කරමින් තෙවන ස්ථානයට පත් වී ඇත.කාන්තා කණ්ඩායම තෙවන ස්ථානය සදහා පැවති තරගයේදී වියට්නාම කණ්ඩායම හමුවේ පරාජය ලබමින් සිව්වන ස්ථානයට පත් විය. මෙවර ශ්‍රී ලංකාවේ පැවති ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ දී අලුත් සූරයන් බවට පත් වූ අසංක ප්‍රදීප් කුමාර සහ මලින්ද යාපා මෙහිදී එක්ව තරග වැදි ප්‍රථම ජාත්‍යන්තර තරගයෙන්ම මෙසේ ජයග්‍රහණය ලැබීම කැපී පෙනෙන සිදු වීමක් වූ අතර ඒ අතරින් ‍මෙම තරගාවලිය මිලින්ද ගේ පළමු ජාත්‍යන්තර අත්දැකීම විය.ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කර දෙමින් තායිලන්තය ලකුණු 21 / 17 සහ 21 / 14 ක් ලෙස පරාජයට පත් කළ අතර කාන්තා අංහයේ සිව්වන ස්ථානය ගීතිකා ගුණවර්ධනට සහ තක්ෂිලා නෙරංජලී ට අත් විය.මොවුන් ආසියාවේ ප්‍රධාන වෙරළ වොලිබෝල්  තරගාවලියක් වන අප්‍රේල් 09 දා ඇරඹෙන කනොමෙ සහ සොන්ග්ලා හී පැවත්වෙන තරගාවලියට සහභාගි වීමට නියමිතය 

No comments: