කෙවින් පීටර්සන්
ලකුණු වලට වඩා ආරක්ෂාව මූලික කරගත් එංගලන්ත පිතිකරුවන්
ගෙන් සිය ලකුණු 275 රැක ගැනීම පිණිස පීඩනයක් දියත් කිරීමට ගත් ශ්‍රී ලංකා පන්දු
යවන්නන්ගේ උත්සාහය දියකර හැරිය කෙවින් පීටර්සන් ලකුණු ලබා ගැනීමට අපහසු සරවනමුත්තු
තණතීරුවෙන් උකහා ගත් අගනා ශතකයට (151) වාරු වූ එංගලන්තය සිය ප්‍රථම ඉණිම ලකුණු 460
දක්වා ගෙන යාමට සමත් විය.මුල් පෙළේ එංගලන්ත පිතිකරුවන් සිව් දෙනාම සිය වගකීම
මැනවින් ඉටු කළ අතර ඇන්ඩෘ ස්ට්‍රෝස් (61),ඇලිස්ටෙයාර් කුක් (94) සහ ජොනතන් ට්‍රොට්
(64) කෙවින් පීටර්සන් ගේ උත්සාහයට මැනවින් දිය පොහොර එක් කරමින් එංගලන්ත ඉණිම
පෘෂ්ටිමත් ඉණිමක් බවට පත් කළහ.
යළිත් සාර්ථක වූ රංගන හේරත් මුරලි ගේ අඩුව පුරවමින්
ලකුණු 133 ට කඩුලු 6 ක් දවා ගත් අතර ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට සමතෙකු ලෙස
ප්‍රකට තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 73 ට කඩුලු 2 ක් ලබා ගනිමින් තමාව ඕනෑම විටෙක තුන්
ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රීඩකයෙකු බව පැහැදිළි කළේය.
ශ්‍රී ලංකා දෙවන ඉණිම අරඹමින් ධම්මික ප්‍රසාද් ට නුහුරු
වගකීමක් පැවරීමට මහේල ජයවර්ධන තීරණය කර තිබුණු අතර ඒ අනුව ලහිරු තිරිමාන්න සමග
ඉණිම ඇරඹීමේ කාර්යය ධම්මිකට පැවරී තිබුණා.තරගයේ තෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකාව
කඩුලු නොදැවී ලකුණු 4 ක් ලබා ගෙන සිටින අතර පහත දැක්වෙන්නේ තරගයේ සමස්ත ලකුණු
විස්තරයට පිවිසෙන සබදතාවය යි
|
No comments:
Post a Comment