Apr 4, 2012

මංචි දෙවන කොටසේ තරග මන්නාරමේදී මැයි 7 සහ 8


සීමාසහිත සිලෝන් බිස්කට් ආයතනයේ අනුග්‍රහයෙන් වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන්නට යෙදුණ මංචි ‍ජාතික සූරතාවලියේ දෙවන කොටසේ අවසාන වටයේ තරග අප්‍රේල් 7 සහ 8 යන දෙදින තුළ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට මන්නාරම කේන්ද්‍ර කර ගනිමින් ජාතික තරගාවලියක අවසාන තරගයක් ක්‍රියාත්මක වන මෙම අවසාන වටයේ තරග ආශ්‍රිත සමාරම්භක උළෙල වොලිබෝල් පාළක මණ්ඩලයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභ සාධන කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා,කර්මාන්ත සහ වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්  සහ සීමාසහිත සිලෝන් සමාගමේ සමූහ අධ්‍යක්ෂ (අලෙවි) නන්දන වික්‍රමගේ යන අයගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතය.
තරගාවලිය සදහා පළාත් මට්ටමෙන් ජය ගත් කාන්තා සහ පිරිමි සූරයන් සහ අනු සූරයන් ලෙස එක් තරග අංශයකින් කණ්ඩායම් 18 ක් එක් වීමට නියමිතය.කාන්තා කණ්ඩායම් 18 ක් මෙන්ම පිරිමි කණ්ඩායම් 18 ක් ලෙස තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 36 ක් සදහා පොදු පහසුකම් සම්පාදනය පිණිස මන්නාරම් ප්‍රදේශයේ වැඩ කටයුතු සූදානම්ව පවතින බව වොලිබෝල් සම්මේලනයේ ආරංචි මාර්ග සදහන් කරයි.

No comments: