Apr 4, 2012

කාන්තා - පිරිමි කණ්ඩායම් සූරතා ද්විත්වයම චීනයට ශ්‍රී ලංකාවට පසුවන කොටසේ අනු සූරතාවය



ර්මණියේ ක්‍රියාත්මක වූ ජගත් මේස පන්දු කණ්ඩායම් තරගාවලියේ පිරිමි සහ කාන්තා සූරතා ද්විත්වයම චීනය විසින් දිනා ගැනීමට සමත් විය.පිරිමි අංශයේ දී චීනය විසින් ජර්මණිය පරාජයට පත් කරමින් සූරතාවය දිනා ගත් අතර කාන්තා අංශයේදී චීනය සූරතාවය දිනා ගත්තේ සිංගප්පූරුව පරාජයට පත් කරමින් ය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පස්වන කොටසේ අනු සූරතාවය දිනා ගත්තේ එහි අවසාන තරගයේදී මොංගෝලියාව වෙතින් 3 - 2 ක පරාජයක් ලබමින්ය.නමුත් පස්වන කොටසේ මූලික වටයේ තමන් තරග කළ Q කොටසේ සූරතාවය ද දිනා ගත් ශ්‍රී ලංකා පිරිමි ක්‍රීඩකයෝ ලොව මේස පන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 98 වන ස්ථානයට පත් විය.
 

 

No comments: