ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලියේ යළිත් ලකුණු අතරට
පැමිණි ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ගේ ශතකයේ වාරුවෙන් තරගයේ ප්‍රථම දිනය ක්‍රියාත්මක
වන විට ශ්‍රී ලංකාව කඩුලු 6 ට ලකුණු 238 ක් ලබා සිටියි.කාසියේ වාසිය ලැබූ ශ්‍රී
ලංකා කණ්ඩායම පළමුව පන්දුව පහර දීමට තීරණය කළ අතර තරගයේ ආරම්භය එතරම් සුභදායක
නොවිණි.ලකුණු 30 වන විට කඩුලු 3 ක් (ඩිල්ෂාන් 14,තිරිමාන්න 08 සහ සංගක්කාර 00) හ්‍රී
ලංකාවට අහිමි වී තිබිණ.මෙම තරගාවලියේ දෙවන වරටත් ජගත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල
අංක එකට සිටින සංගක්කාර ප්‍රථම පන්දුවෙන්ම දැවී යාම ඒ අතර විශේෂයෙන් කැපී පෙණින.
කෙසේ හෝ ප්‍රථම තරගයේදී මෙන්ම වගකීම සියතට ගත් නායක මහේල
ජයවර්ධන ගේ පිත්තෙන් ගලා ආ හතරේ පහර 11 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ ලකුණු 105
දක්වා යන ගමනේ දී සිව්වන කඩුල්ලට ලකුණු 124ක සබදතාවයක් තිලාන් සමරවීර (54) සමග සහ
පස්වන කඩුල්ලට ලකුණු 62 ක සබදතාවයක්
ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 41) සමග ඇති කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේ දී කලකට පසු ටෙස්ට් තරග සදහා විවෘත වූ
සරවනමුත්තු තණතීරුවේ වැඩි වාසි එංගලන්ත පන්දු යවන්නන් විසින් දිනා ගැනීම කැපී
පෙනෙන අතර ඒ අතරින් ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 52 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.දෙවන
ටෙස්ට් තරගයට එංගලන්තය ක්‍රිස් බෝඩ් සහ මොන්ටි පනීසාර් වෙනුවට වේග පන්දු යවන්නන්
වන ටිම් බ්‍රෙස්නන් සහ ස්ටීව් ෆින් පිළිබදව විශ්වාසය තබා ඇති අතර ශ්‍රී ලංකා
කණ්ඩායමට ආබාධයකට ලක් වූ චානක වෙළගේදර වෙනුවට ධම්මික ප්‍රසාද් ට ක්‍රීඩා කිරීමට
අවස්ථාව ලැබී තිබේ.ඒ අතර දිනේෂ් චන්දිමාල් ගේ ස්ථානය ඇන්ජලෝ මැතිව්ස් ගේ සුවපත්
වීමත් සමග අහිමි වී ඇති අතර ඇන්ජලෝ යළි කණ්ඩායමට පැමිණියත් මේ තරගයේදී ත් උප
නායකයා ලෙස නම් කර ඇත්තේ තිලාන් සමරවීර ය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට ඇති
සබදතාවය ය. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/match/521226.html
No comments:
Post a Comment