Apr 5, 2012

එංගලන්තයෙන් සාර්ථක පිළිතුරක්

ඇලිස්ටෙයාර් කුක්
එංගලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිකය නිමා වන විට ශ්‍රී ලංකාව ප්‍රථම ඉණිමට සියල්ල දැවී ලබා ගත් ලකුණු 275 ට පිළිතුරු ලෙස එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 154 ක් ලබා සිටියි. ශ්‍රී ලංකාවේ පසු පෙළ ශක්තිමත් කරමින් ඇන්ජලෝ මැතිව්ස් ලබා ගත් ලකුණු 57 සමග ගලා ආ මෙම ලකුනු 275 ගත කිරීමට ශ්‍රී ලංකාවට  පන්දු ඕවර් 111. 1ක් ගත වූ අතර ඕවරයකට දළ ලකුණු වේගය 2.47 ක් විය.
සරවනමුත්තු තණතීරුවේ ලකුණු ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බව පැහැදිළි වන අතර එහි ලකුණු සදහා අවශ්‍යය වන ඉවසීම මැනවින් පසක් කළ එංගලන්ත පිතිකරුවන් ඊයේ දිනය නිමා වන විට කඩුලු ඉතිරි කර ගනිමින් පන්දු ඕවර් 66 ක් තුළ ලකුණු 154 ක් පමණක් ලබා ගනිමින් කළ ලකුණු රැස් කිරීම යහපත් පූර්වාදර්ශයක් විය.දැවී ගිය එකම කඩුල්ලට හිමිකම් කී තිලකරත්න ඩිල්ෂාන් ගෙන් ලකුණු ලබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වූ අතර ඔහු පන්දු ඕවර් 8 තුළම ලබා දුන්නේ ලකුණු 16 ක් පමණි.නමුත් ඔහුව වැඩි පුර යොදා ගැනීමට මේ කාලය තුළම කළ අයුරෙන් මහේල කැමති බවක් නොපෙන් වූ අතර දිගින් දිගටම එල්ලය සොයන පන්දු යවන්නෙකු බවට පත් වී සිටින සුරංග ලක්මාල් ක්‍රීඩා කරන වේග පන්දු යවන්නන් දෙදෙනා අතරින් වැඩිපුර යොදා ගැනීමට මහේල ඊයෙත් වැඩි කැමැත්තක් දැක්වීය.
තරගය තීරණයක් ලබා ගැනීමට හැකි තරගයක් බවට ක්‍රියාවට නැංවෙන ස්වරූපයෙන් පැහැදිළි වෙමින් තිබෙන අතර එයට යම් හරස් වීමක් වන්නේ නම් ඒ තණතීරුවේ ලකුණු ගලා ඒමේ මන්දගාමී ස්වභාවය ය.තරගය අද දවසේ තරගය ශ්‍රී ලංකාව දෙසට නම්මා ගැනීමට නම් දග පන්දු යවන්නන් තිදෙනාට අමතරව ඇන්ජලෝ මැතිව්ස් ගේ දෝලනය සහිත පන්දු යැවීමෙන් ද යම් ප්‍රයෝජනයක් ලැබිය හැකි අතර නමුත් ඊයේ දිනය තුළ මැතිව්ස් පන්දු යැවීම සදහා යොදා නොගත්තේ ඔහු මේ තරගයට දිනේෂ් චන්දිමාල් වෙනුවට කැදවා තිබෙන්නේ සියයට සියයක් ශාරිරික යෝග්‍යතාවය නොමැති තත්ත්වයක් තුළ දැයි සැක උපදවන්නේය.
එංගලන්ත පන්දු යැවීමේ දී ඇන්ඩා ස්ට්‍රෝස් ලකුණු 75 ට කඩුලු 4 ක් සහ ජෙම්ස් ඇන්ඩර්සන් ලකුණු 62 ට කඩුලු 3 ක් ලබමින් පන්දු යැවීමෙන් ඉටු කළ කාර්යය කිරීමට අද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහසු නොවන අතර පළපුරුදු ටෙස්ට් පිතිකරුවන් ලෙස එංගලන්ත ක්‍රීඩකයන් අද ලකුණු දෙවන තැන තබා ගෙන කඩුල්ල රැක ගැනීම ඉදිරියෙන් තබා ක්‍රීඩා කිරීමට බොහෝ දුරට උත්සාහ දරණු ඇත.ඊයේ දිනය තුළ දැවී ගිය ඇන්ඩෘ ස්ට්‍රෝස් (61) මෙන්ම නොදැවී ලකුණු 77 ක් ලබා සිටින ඇලිස්ටෙයාර් කුක් සහ 15 ක් ලබා සිටින ජොනතන් ට්‍රොට් ද ඒ බව මනාව පසක් කරමින් සිටින අතර මේ තත්ත්වය තුළ දිගින් දිගටම පිතිකරුවන්ව පීඩනයට ලක් කිරීමෙන් මෙපිට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාරථකත්වයට පත් වීම පහසු වන්නෙ නැත.
පහත සබදතාවය යොදා ගනිමින් තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට අවස්ථාව ඇත. http://www.espncricinfo.com/sri-lanka-v-england-2012/engine/current/match/521226.html
 www.supirikrida.com

No comments: