ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සූරතාවය පිළිබදව තැබූ
බලාපොරොත්තු සුණු විසුණු කර දැමූ පකිස්තානය ශ්රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක්
වාර්තා කරමින් ලකුණු සටහනේ පෙරමුණට පැමිණ අවසාන තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට
සමත් විය.ඒ සදහා මේ වන විට අභියෝගයක් නොමැති අතර ඊයේ ජයග්රහණය ප්රසාද ලකුණක් ද
සමග හිමි කර ගනිමින් පකිස්තානය ලකුණු සටහනේ ලකුණු 9 ක් දිනා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය ලැබූ හ්රී ලංකා පිතිකරු බල ඇණිය කලෙකට පසු
අසාර්ථක වූ අතර ලකුණු 200 සීමාවෙන් මෙපිට නැවතිණ.ආරම්භක පිතිකරුවාගේ භූමිකාවෙන්
මිදුණු පසු එක දිගට ලකුණු අතර සිටින උපුල් තරංග (57) සහ කුමාර සංගක්කාර ( 71)
පසුවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සබදතාවයක් පවත්වමින් ලකුණු 65 ට කඩුලු 4 ක් බිද
වැටී තිබූ ශ්රී ලංකාවේ ඉරණම යහපත් ස්ථානයකට ගෙන ඒම සදහා සාධනීය උත්සාහයක් දැරුවද
ශ්රී ලංකාවේ ඉතිරි කඩුලු 5 ලකුණු 27 ක් තුළ අහිමි විය.
අයිසීස් චීමා පන්දුවෙන් පෑ දක්ෂතා ඉහළ මට්ටමක පැවති අතර
මහේල,ඩිල්ෂාන්,සංගක්කාර වන ශ්රී ලංකා පිතිකරු බල ඇණියේ ප්රබලතම තුරුම්පු තුන සහ
ලසිත් මාලිංග ගේ කඩුලු ලකුණු 43 ක් තුළ දවා ගත් ඔහු පකිස්තානයේ ජය මාවත විවර කළ ක්රීඩකයා
හැටියට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානයට ප්රබල අභියෝගයක් එල්ල
කරමින් ලකුණු 33 ට කඩුලු 3 ක් අහිමි කළ ද,ශ්රී ලංකාව ඊයේ දවසේ ප්රදර්ශනය කළ
ඇතැමි දුර්වලපන්දු රැකීම් ද වාරු කර ගත් නායක මිස්බා උල් හක් සහ උමාර් අක්මාල්
සිව්වන කඩුල්ලට ලකුණු 152 ක සබදතාවයක් පවත්වමින් පකිස්තානය ජය මාවතට සමීප කළේය.ඒ
අතරින් වඩාත් ප්රවේගකාරී වූ උමාර් අක්මාල් පන්දු 72 දී ලකුණු 77 ක් ලබමින්
පකිස්තානයේ ජයග්රහණය ප්රසාද ලකුණක් සමග සහතික කිරීමට මූලිකත්වය ගත් අතර නායක
මිස්බා නොදැවී ලකුණු 72 ක් ලබා ගනිමින් නායකත්වයේ ඉණිමක් ක්රීඩා කළේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත දැක්වේ. http://www.espncricinfo.com/asia-cup-2012/engine/match/535796.htmlwww.supirikrida.com
3 comments:
ෆයිනල් ගිහිල්ල අපේ ඇඟේ ලේ රත් කරන්නෙ නැතුව අපේ කට්ටිය ඉක්මනට ගෙදර එන එක නම් හොඳයි. මෙහෙත් කට්ටියක් බලාගෙන ඉන්නවනෙ.....
ඒ වගේම පොඩි ඉල්ලීමකුත් කරන්න තියෙනව. මේ word verification එක අයින් කරනවද ?
සහෝ පොඩ්ඩක් මේක බල්න්න.
Cyber Sinhala Blog Premier League අපිත් ක්රිකට් ගහමුද? ?
http://helayekgen.info/2012/03/cyber-sinhala-blog-premier-league.html
ස්තූතියි
apita cricket tournament eka gana wistara ewanna meke damu mamath sellam karannam e gana api katha karamu tawa monawada karanna puluwan kiyala
Post a Comment