දෙබෑගම රන්තරු
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා
අනුග්‍රහය ඇතිව පවත්වන ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි
අංශයේ අවසාන තරගයට ගම්පහ සියනෑ තරු කණ්ඩායමත් රුවන්වැල්ල දෙබෑගම රන්තුරු කණ්ඩායමත්
තේරීපත් විය.සියනෑ කණ්ඩායම තරග වට 3 – 2 ක් ලෙස නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජ
කණ්ඩායමත් බොරලැස්ගමුව බලරැස් කණ්ඩායම වට 3 – 1 ලෙස පරදවා දෙබෑගම රන්තරු කණ්ඩායමත් ඒ අනුව අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
අවසාන තරගට හෙට (මාර්තු 18) දා ආර්ථික සංවර්ධන
කටයුතු අදාත්‍ය බැසිල් රාජපක්ෂ,ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වොලිබෝල්
සම්මේලන සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභ සාධන කටයුතු අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ
ඩයලොග් ආසියාටා ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරිය යන අයගේ ප්‍රධානත්වයෙන් ප.ව.
3.00 ට නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැවත්වේ.
|
No comments:
Post a Comment